පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

      රෝහල්වල සහන සත්කාර සේවාව ශක්තිමත් කිරීමට පශ්චාත් ප්‍රාථමික ඩිප්ලෝමා පාඨමාලාව ඇරඹේ

    ඔක්තෝබර් 11, 2022

    රෝහල්වල සහන සත්කාර සේවාව ශක්තිමත් කිරීමට පශ්චාත් ප්‍රාථමික ඩිප්ලෝමා පාඨමාලාව ආරම්භ කෙරේ.

    රෝහල්වල සහන සත්කාර සේවා ශක්තිමත් කිරීමේ අරමුණින් සහන සත්කාර පශ්චාත් ප්‍රාථමික ඩිප්ලෝමා පාඨමාලාව හැදැරීම සදහා දිවයිනේ ප්‍රධාන රෝහල් වලින් හෙද හෙදියන් 34 දෙනෙකු පුහුණුවට බදවා ගැනීමේ සමාරම්භක වැඩසටහන පසුගියදා (06) සෞඛ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

    මෙම කණ්ඩායම කොළඹ පශ්චාත් හෙද විදුහල මගින් පවත්වනු ලබන වසරක න්‍යායික සහ සායනික පුහුණුවකින් පසු රෝහල් වල සහන සත්කාර සේවා සදහා අනුයුක්ත කිරීමට නියමිත අතර සහන සත්කාර පශ්චාත් ප්‍රාථමික ඩිප්ලෝමා පාඨමාලාව හදාරන පළමු කණ්ඩායමද මෙම කණ්ඩායමයි.

    සහන සත්කාරය (Palliative care) යනු පිළිකාව, වකුගඩු රෝග, නිදන්ගත හෘද රෝග වැනි ජීවිතයට තර්ජනයක් වීමේ අවධානමක් ඇති රෝග වලින් පීඩා විදින රෝගීන් සහ පවුලේ සාමාජිකයින් මුහුණ දෙන වේදනාව සහ අනෙකුත් කායික, මානසික, සමාජීය සහ අධ්‍යාත්මික ගැටලු කලින් හදුනා ගැනීම පරිපුර්ණ නිවැරදි ඇගයීම සහ ප්‍රතිකාර මගින් ඔවුන්ගේ ජීවිතවල ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සදහා වන ප්‍රවේශයකි.

    ශ්‍රී ලංකාවේ සහන සත්කාර සේවය ප්‍රවර්ධන කිරීම සදහා 2019/2023 පස් අවුරුදු ජාතික උපාය මාර්ගික ක්‍රියා රාමුවට අනුව රෝහල්වල සහන සත්කාර සේවා ආරම්භ කර පවත්වාගෙන යාම සදහා අවශ්‍ය වන උපාය මාර්ග වෙන්ව හදුනාගෙන ඇත.

    සහන සත්කාරය අවශ්‍ය වන සියලුම රෝගීන්ට සිය ජීවිතය පවත්වාගෙන යාම, ගෞරවාන්විත මරණයක් සදහා අවශ්‍ය සේවාවක් ප්‍රධාන සෞඛ්‍ය ධාරාවක් තුලින්ම ලබාදිය යුතු ලෙස ශ්‍රී ලංකා ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියේ (2016-2025) සදහන්ව ඇත.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය සුනිල්ද අල්විස්, අතිරේක ලේකම් (මහජන සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (බෝ නොවන රෝග) වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ, ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ සුදත් සමරවීර, අධ්‍යක්ෂ (හෙද අධ්‍යාපන) අශෝකා අබේනායක, අධ්‍යක්ෂ (පුහුණු) සමන්ත රණසිංහ යන මහත්ම මහත්මීන්, හෙද හෙදියන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya