පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    ජාතික සභාව සඳහා කාන්තා නියෝජනය වැඩි කරන්නැයි මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් ඉල්ලීමක්

    ඔක්තෝබර් 11, 2022

    අභිනවයෙන් පිහිටුවනු ලැබූ ජාතික සභා‍වේ සාමාජික සංයුතිය තුළ වැඩි කාන්තා නියෝජනයක් ලබා දෙන්නැයි ඉල්ලා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක් භාරදී තිබේ.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත මෙම ලිපිය භාරදී
    ඇත්තේ පසුගිය 06 වැනිදායි.

    ජාතික සභාව ස්ථාපිත කිරීමේ යෝජනා සම්මතයට අනුව මේ වන විට නියමිත සමාජිකයක් 35 න් 28ක් නම් කොට ඇති අතර එයට ඇතුළත්ව ඇති මන්ත්‍රීවරිය වන්නේ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය යි.
    එමනිසා ජාතික සභාවේ ඉතිරි සාමාජිකයන් නම් කිරීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සඳහා වැඩි අවස්ථාවක් ලබා දෙන ලෙස මන්ත්‍රීවරියන්ගේ සංසදය මෙම ලිපිය මගින් ඉල්ලා තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya