අද (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙිමන් අමාත්‍යවරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක් වූ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පැවසුවේ, හිටපු කථානායක කරූ ජයසූරිය මහතා සහ ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් යන මහත්වරු ඊයේ පැවති කැබිනට් හමුවට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය හමුවේ මෙම යෝජනාවලිය ඉදිරිපත් කළ බවයි.
ප්‍රතිසංස්කරණය පිළිබඳ කතිකාවත නමින් හැඳින් වූ මෙහි, ජනසභා ක්‍රමය නැවත පිහිටුවීම සම්බන්ධයෙන් යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ. ජාති ආගම් කුල බේද සහ දේශපාලන පක්ෂ පාට නිසා බෙදී තිබෙන ලාංකීය සමාජය පක්ෂ කිසිදු බේදයකින් තොරව පොදු ඒකරාශී කිරිමක් සඳහා සෑම ප්‍රාෙද්ශීය සභාවකම ජන සභාවක් පිහිටුවිය යුතු බවත් නිර්දේශපාලනයෙන් තොරව ගමේ ගැටළු විසඳා ගැනීම සඳහා මැදිහත් විය යුතු බවත් මෙම යෝජනාවලියේ සඳහන් වේ.
මෙය වර්තමාන දේශපාලනයේ විශේෂ හැරවුම් ලක්ෂයක් බවත් , සහහාගිත්ව ප්‍රජාත්‍රන්තවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් රාජ්‍ය අනුග්‍රහය දක්වා එය ක්‍රමානුකූලව ස්ථාපිත කිරීම සඳහා කටයුතු කළ යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. පවතින දේශපාලයේ සහ ප්‍රජාත්‍රන්තවාදී ඡන්ද ක්‍රමයේ පවතින්නේ අවුල් සහගත බවක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා ක්‍රමයෙන් මෙම අවුල් නිරාකරණය කරමින් සහභාගිත්ව සංවර්ධනයක් කරා ගමන් කළ යුතු යැයිද සඳහන් කළේය.
කලින් සිතුවාට වඩා වෙනස් ආකාරයකට සිතීමෙන් අලුත් ගමනක් ආරම්භ කළ හැකි බව ජනාධිපතිවරයා ඇතුළු දේශපාලන නායකයින් විශ්වාස කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙම ප්‍රතිසංස්කරණ කතිකාවතට කැමති අමාත්‍යවරුන්ට මේ සඳහා මුලින්ම සහභාගී වීමට අවස්ථාව ලබා දෙන ලෙස කැබිනට් අමාත්‍යවරු ඉල්ලා සිටි බවත් , ඒ අනුව එම සිවිල් සංවිධාන සාමාජිකයින් සමග තමා ඇතුළු අමාත්‍යවරු මෙම සතියේ සාකච්ඡා කරන බවද කීය.