ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ය.
එමෙන්ම, ගියවර අයවැයේ වූ යෝජනාවකට අනුව මෙරට වයස අවුරුදු 18 ට වැඩි සියලු දෙනා වෙත බදු ලිපිගොනුවක් විවෘත කළ යුතු බවත්, බදු දැලට හසු නොවී කටයුතු කරන පුද්ගලයින් විශාල පිරිසක් සිටිනවා මෙන්ම පාර්ලිමේන්තුව තුළ පවා ද සිටිය හැකි බවත්, තමන් වසර 40ක සිට මෙරටට තමන් විසින් ගෙවිය යුතු බදු සත්‍ය ලෙසම සියල්ලම ගෙවා ඇති පුද්ගලයෙකු වශයෙන් හා ඕනෑම වෙලාවක එම ගෙවන ලද බදු මුදල් සම්බන්ධව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකි අයෙකු වශයෙන් සඳහන් කළ ඒ මහතා, එසේ නිසියාකාරව බදු ය කර ගැනීම ක්‍රියත්මක නොවුනහොත් එම බදු බරත් මෙරට වක්‍ර බදු ගෙවන ජනතාවටම එම බදු ද ගෙවීමට සිදු වනු ඇතැයිද, එය එසේ සිදු වීමට කිසිසේත් ඉඩ දිය නොහැකි බවද මෙහි දී හෙතෙම අවධාරණය කළේය.