පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    ඉදිරියේ දී නවීන තාක්ෂණයෙන් යුතු නව ඩිජිටල් රියදුරු බලපත්‍රයක්

    ඔක්තෝබර් 11, 2022

    ඉදිරියේදී නවීන තාක්ෂණයෙන් යුතු නව ඩිජිටල් රියදුරු බලපත්‍රයක්  හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන අමාත්‍ය ,කැබිනට් ප්‍රකාශක  ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (11) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි .

    ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බවද අමාත්‍යවරයා පැවසීය. ඒ අනුව දැනට පවතින චිප් සහිත රියදුරු බලපත්‍රය වෙනුවට QR කේතයක් සහිත ඩිජිටල් රියදුරු බලපත්‍රයක් ඉදිරියේ දී හඳුන්වා දීමට නියමිතය. විදෙස් විනිමය අර්බුදය නිසා රියදුරු බලපත් මුද්‍රණය කිරීම සඳහා යොදාගන්නා කඩදාසි ආනයනය කිරීමේදී ඇති වී තිබෙන ගැටළුව නිසා බලපත් මුද්‍රණය ප්‍රමාද වී ඇති බවත් එය ප්‍රමාදය මෙම වසරේ විසඳීමට බලාපොාරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya