රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද(11) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා රූපවාහිනී මාධ්‍යයට බලපෑම් සිදු කළේ යැයි පුවත්පතක පළ වූ වාර්තාවක් සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු විමසූ පැණයට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙවන් අසත්‍ය වාර්තා සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කණගාටු වන බවත්, මේ සම්බන්ධයෙන් වන වාර්තා සත්‍ය නම් එය ඔප්පු කර තමන්ව ජනමාධ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට මාධ්‍යයට හැකියාවක් පවතින බවත්,අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.