රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද (11) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් තීරණ දැනුම් දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
එනම් දින 30ක ආදේශන දීමනාව වෙනුවට එම දීමනාව දින 84ක් දක්වා වැඩිකිරීමට යෝජනා වූ බවත්, එයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවත් අමාත්‍යවරයා පැවසීය.
බිලිඳකුට උපතේ සිට අවම වශයෙන් මාස 06ක් වත් මව් කිරි ලබාදීම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කර ඇතත් ආදේශ දීමනාව දින 30ක් දක්වා පමණක් පැවති බැවින් බොහෝ උප තැපැල් ස්ථානාධිපතිවරියන් සිය ප්‍රසූත නිවාඩුව දින 30ක් දක්වා පමණක් භාවිතා කරන බවත්,ඔවුන්ගේ සුභසාධනය වෙනුවෙන් මෙම යෝජනාව කළ බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.