දෙස් විදෙස් ආයෝජකයන් සදහා උපරිම පහසුකම් සහිත ඉඩ ප්‍රස්ථා සලසාදීමේ විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ අරමුණෙන් , වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අතර විශේෂ සාකච්ඡාවක් ( ඊයේ 11 ) ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශ පරිශ්‍රයේදී පැවැත්විණි.
එහිදී අදහස් දක්වමින් වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍යවරයා සදහන් කලේ මේ වනවිටත් අපනයන ආර්ථිකය ප්‍රවර්ධනය කිරීම ඉලක්ක කරගනිමින් ආයතන ගණනාවකම අගය එකතුකල නිෂ්පාදන වැඩපිළිවෙළවල් ගණනාවක් ක්‍රියාත්මක වන බවත් කන්කසන්තුරේ සිමෙන්ති කම්හල , පරන්තන් රසායනික කම්හල , ලුණු සමාගම , පිගන් සංස්ථාව ආදි ආයතන ගනනාවක් නව ආයෝජකයන් සහිතව ආරම්භ කිරීමේ වැඩ කටයුතුත් ක්‍රියාත්මක කරමින් සිටින බවයි. එමෙන්ම ඉදිරියේදී රජයේ ඉඩම් ආයෝජනයන් සදහා නිදහස් කිරීමේදී එක ආයතනයක් හරහා පමණක් නිදහස් කිරීමට ඉඩම් බැංකුවක් ( Land bank ) නිර්මාණය කිරීමට කටයුතු කරමින් සිටින බවත් අමාත්‍යවරයා තවදුරටත් සදහන් කළේ ය.
එහිදී ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා අදහස් දක්වමින් ප්‍රකාශ කලේ මෙරට තුළ ආයෝජනය කිරීමට පැමිණෙන්නන් හට ඊට අවශ්‍ය නීතිමය හා ප්‍රායෝගික තත්වයන් සියල්ල අමාත්‍යංශය මැදිහත්වීමෙන් නිරාකරණය කොට දෙමින් උපරිම නිදහස් වටපිටාවක් සලසා දෙන බවයි. ඒ වෙනුවෙන් IFC ( ඉන්වෙස්ට්මන් ෆැසිලිටේට්ස් සෙන්ටර් ) සහ IFCC (ඉන්වෙස්ට්මන් ෆැසිලිටේට්ස් සෙන්ටර් කමිටි ) ඇති කොට ක්‍රියාත්මක කරමින් සිටින බවයි. එමෙන්ම ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය ( IDB ) , ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සහ අපනයන සංවර්ධන මණ්ඩලය ( EDB ) ක්‍රියාත්මක කරන ඒකාබද්ධ යාන්ත්‍රණයක් තුළින් ආයෝජන අවස්ථා වැඩිකරගැනීමට කටයුතු කලයුතු බවත් සදහන් කළේ ය.
මෙම සාකච්ඡාව තුලදී වැඩි ආයෝජන ඉඩ ප්‍රස්ථාවන් ඇති ඛනිජ වැලි ආදි කර්මාන්තයන් පිළිබඳව පුළුල්ව සාකච්ඡාවට ලක්කෙරුණු අතර විධිමත් ඉදිරි සැලසුමක් ඔස්සේ එහි ආර්ථික ප්‍රතිලාභයන් රටට අත්කර දීමේ ක්‍රමවේදයක් නිර්මාණය කිරීමටද සාකච්ඡා කෙරිණි.
මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර , කර්මාන්ත අමාත්‍යංශයේ සහ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරු , ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශය, අපනයන සංවර්ධන මණ්ඩලය , ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ලංකා ඛනිජ වැලි සමාගම ආදි රේඛීය ආයතන ගණනාවක සභාපතිවරුන් , අධ්‍යක්ෂ ජනරාල්වරු ඇතුළු නිළධාරින් රැසක්ද එක්ව සිටියහ.