පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    නික්ම යන වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජෙනරාල් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

    ඔක්තෝබර් 12, 2022

    ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ‌ජෙනරාල් තනතුරෙහි තම සේවා කාලය නිම කර නික්ම යන රියර් අද්මිරාල් අනුර ඒකනායක මහතා ඊයේ (ඔක්තෝබර් 11) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හි පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ‌ජෙනරල් කමල් ගුණරත්න මහතා හමුවිය.

    මෙහිදී නික්ම යන වෙරළාරක්ෂක ප්‍රධානියාගේ සේවය අගය කළ ආරක්‍ෂක ලේකම් ඔහුගේ ඉදිරි වැඩකටයුතුවලට සුබපැතුම් ද පළ කළේය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.

    රියර් අද්මිරාල් ඒකනායක මහතා, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ 6 වන අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස 2020 ඔක්තෝම්බර් මස 01 වන දින පත් විය.

    වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්වීමට පෙර ඔහු ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවික ව්‍යාපෘති සහ සැලසුම් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ලදී.

    වසර 35ක දීර්ඝ නාවික දිවියෙන් පසු ඔහු අද (ඔක් 12) විශ්‍රාම යාමට නියමිතය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya