පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    අක්කර 450ක මිරිස් වගා ව්‍යාපෘතියක්

    ඔක්තෝබර් 12, 2022

    කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින විදේශ අරමුදල් මත ක්‍රියාත්මක ව්‍යාපෘතියක් වන කෘෂිකර්ම අංශ නවීකරණ ව්‍යාපෘතිය මගින් මෙම වසරේ තවත් අක්කර 450ක මිරිස් වගා ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය සැළසුම් කර තිබේ.

    ශ්‍රී ලංකාවේ පාරිභෝජනයට අවශ්‍ය මිරිස් ප්‍රමාණයන් රට තුළ නිෂ්පාදනය කර ගැනීම සඳහා මෙම වසරේ තවත් ඉඩම් ප්‍රමාණයක මිරිස් වගා කරන ලෙසකෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දී ඇත.

    ඒ අනුව දිස්ත්‍රික්ක 03ක එක් දිස්ත්‍රික්කයකින් අක්කර 15 බැගින් තෝරා ගෙන මිරිස් වගා කිරීමට කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය විසින් කටයුතු යොදා තිබේ.

    ඒ යටතේ කිළිනොච්චි, අම්පාර හා බදුල්ල යන දිස්ත්‍රික්කවලින් අක්කර 450ක් අලුතින් මිරිස් වගාව සඳහා සැළසුම් කර තිබේ.

    මෙම ව්‍යාපෘතියෙන් වියළි මිරිස් මෙට්‍රික් ටොන් 3600ක අස්වනු ප්‍රමාණයක් ලබා ගැනීමට අපේක්ෂිතය.

    දැනටමත් මෙම ව්‍යාපෘතිය මගින් අක්කර 1600ක මිරිස් වගා කර තිබේ. මෙම මිරිස් වගාවන් තුළ වැඩි අස්වැන්නක් ලබා දෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පර්යේෂණය කර හඳුන්වා දෙන ලද MICH- 1 හයිබ්‍රිඩ් මිරිස් ප්‍රභේදය වගා කිරීමට නියමිතය. මේ සඳහා ගොවීන්ට අවශ්‍ය සියලු යටිතල පහසුකම්ව්‍යාපෘතිය මගින් සපයන අතර ගුණාත්මකභාවයෙන් උසස් මිරිස් රට තුළ පාරිභෝජනය සඳහා ලබා දීමට හැකිවේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya