ඔහු මේ බව පැවසුවේ අද (12) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ “ත්‍රිපෝෂ වල උග්‍ර විෂකාරක අඩංගුද?” යන මැයෙන් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඒ සම්බන්ධයෙන් සකස් කළ වීඩියෝ පටයක් මගින් කරුණු පැහැදිලි කරමිනි.
දරුවන්ට ලබාදෙ ත්‍රීපෝෂ වල ඇල්ෆාටොක්සීන් ඇතැයි මේ දින වල ගැටලුවක් මතුව ඇතැයිද, ඇල්ෆාටොක්සීන් වලින් සිදුවන මූලික හානිය ඉතා විරල වීමද එය ඇති වන වයස් කාණ්ඩ හා සලකා බැලීමේදී දරුවන්ට අක්මා පිළිකා සෑදෙන්නේ නැතැයිද වෛද්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.
ලංකාවේ අකුමා පිළිකා ඉතා විරල යැයිද, මෙම පිළිකා කාණ්ඩය සෑදෙනුයේ වැඩිහිටියන්ට පමණක් බවද කියාසිටි බදුල්ල පළාත් මහා රෝහලේ පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් අබේනායක මහතා මෙම පිළිකා කාණ්ඩය අධිකව මත්පැන් පානය කළ අයට වැළදෙන බවද අවධාරණය කළේය.
ඇෆ්ලාටොක්සීන් යනු ඇෆ්ලජිලස් යන දිලීර වර්ගයෙන් වර්ධනය වන රසායනයක් වන අතර මෙය පිළිකා කාරකයක් එනම් පිළිකාවට හේතුවක් ලෙස හදුනාගෙන ඇතැයිද ඒ හැර මෙය සාමාන්‍ය විෂක් ලෙස හදුනාගෙන ඇතැයිද එනම් විශාල ප්‍රමාණයක් ඇෆ්ලාටොක්සීන් එකවර ආහාර මාර්ගයට ඇතුළු වුවහොත් අක්මාව විනාශ වී යා හැකි බවද වැඩිදුරටත් පැවසුවේය.
ඇෆ්ලාටොක්සීන් ආහාරයට ගැනීමෙන් දරුවන්ගේ ස්නායු වර්ධනයේ වෙනස්කම් ඇතිවන බවට මතයක් පැවතියද එය තහවුරු කිරීමට එතරම් ප්‍රබල සාක්ෂි නොමැති බවද කියාසිටි විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් අබේනායක මහතා එමනිසා දරුවන්ගේ ස්නායු වලට හානිකරන හේතුවක් ලෙස ඇෆ්ලාටොක්සීන් ලෝකයේ පිළිනොගන්නා බවද සඳහන් කළේය.
ඇෆ්ලාටොක්සීන් වලින් සිදුවන මූලික අගතිය ලෙස පිළිකා සෑදීම බවද, ඇෆ්ලාටොක්සීන් අක්මාවේ පිළිකා සඳහා පමණක් හේතුවන බව සොයාගෙන ඇතැයිද වෛද්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. ශරීරයේ වෙනත් ස්ථාන වල මේ නිසා පිළිකා සෑදෙන බවට සොයාගෙන නැතැයිද කියා සිටියේය.
මෙලෙස සෑදෙනුයේ අක්මාවේ ආරම්භ වන පිළිකා මිස අක්මාවට දෙවනුව පැතිරෙන පිළිකා නොවන බවද කියා සිටියේය. අක්මාවේ පිළිකා සමස්ථයක් ලෙස ඉතා විරල බවද, ලංකාවේ පිළිකා දත්ත එකතු කර සාදන පොතෙහි අක්මාවේ පිළිකා වෙනම සඳහන් නොවන තරම් අක්මාවේ පිළිකා විරල බවද පැවසුවේය.
එම පිළිකා විශේෂය සෑදෙනුයේ වයස්ගත පුද්ගලයින්ට බවද, ළමයින් අතර අක්මා පිළිකා දක්නට නැතැයිද තරුණයින් අතරද මේවා දකිනුයේ ඉතාමත් විරල වශයෙන් බවද කියා සිටියේය. අධික මත්පැන් පානයෙන් ඇතිවන සිරෝසීස් තත්ත්වයන් මෙයට ප්‍රධාන හේතුව බවද වෛද්‍යවරයා සඳහන් කළේය.
අක්මාවේ පිළිකා සඳහා දෙවන හේතුව ලෙස වෛද්‍යවරයා කියා සිටියේ අක්මාවේ ඇති වන වෛරස් තත්ත්වයන් එනම් හෙපටයිටීස් බී, සී වැනි වෛරස් ආසාදන හේතුවෙන් අක්මාවේ සිරෝසීස් සෑදී ඉන්පසු අක්මාවේ පිළිකා තත්ත්වයන් වර්ධනය විය හැකි බවයි.