ත්‍රිකුණාමලය කොටුව සහ දෙවොල පවතින භූමි ප්‍රදේශය සංස්කෘතික සහ දේශීය විදේශීය සංචාරක මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීම,අවිධිමත් ලෙස සකසා ඇති වෙළෙඳසල් විධිමත් වැඩපිළිවෙලක් යටතේ යළි ස්ථාපනය කිරීම,වායු දුෂණය අවම කිරීම හා බැතිමතුන්ගේ ගමන් පහසුව වෙනුවෙන් (shuttle) සේවාවක් ආරම්භ කිරීම ආදීය, ක්‍රියාත්මක කිරීම අවශ්‍ය කටයුතු සුදානම් කරන බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා එහිදී සඳහන් කළේ ය.
ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා,පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ නිරූපා ප්‍රියදර්ශනී, ත්‍රිකුණාමල නගර හා කඩවත් ප්‍රාදේශීය ලේකම් පී.ධනේශ්වරම්,මධ්‍යම සංස්කෘතික අරමුදල ව්‍යාපෘති කළමණාකරු ටී.ඩී.සී. පුෂ්පකුමාර, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කලාප භාර නිලධාරී එස්.එස්.අයි.එම්.හිතවංශ,නැගෙනහිර පළාත් ආණ්ඩුකාරතුමියගේ සංස්කෘතික කටයුතු ලේකම් චින්තක, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්ම මහත්මිහු සහ කෝවිල් සභාවේ සභාපති හා උපසභාපති,ලේකම් ඇතුළු කෝවිල් සභාවේ සාමාජිකයෝ පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.