පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකා - රුසියානු අධ්‍යාපන අමාත්‍යවරු හමුවෙති

    ඔක්තෝබර් 13, 2022

    අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ රුසියාවේ විද්‍යා හා උසස් අධ්‍යාපන අමාත්‍ය වැලරි ෆැල්කොව් (Valery Falkov) මහතා අතර හමුවක් රුසියාවේ දී පැවැත්විණ.

    මෙහි දී දෙරට විශ්වවිද්‍යාල අතර සහයෝගීතාව වැඩි කරගැනීම පිළිබඳ කරුණු සාකච්ඡා කෙරුණු අතර ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් සඳහා දෙනු ලබන රුසියානු උසස් අධ්‍යාපන අවස්ථා සහ ශිෂ්‍යත්ව පිළිබඳව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සිය කෘතවේදීත්වය රුසියානු අමාත්‍යවරයා හමුවේ පළ කළේ ය.

    මෙරටට ප්‍රදානය කෙරෙන ශිෂ්‍යත්ව ප්‍රමාණය තවදුරටත් වැඩි කිරීමට පියවර ගන්නා බව ද රුසියානු උසස් අධ්‍යාපන අමාත්‍යවරයා මෙහි දී පැවසී ය. මෙම අවස්ථාවට රුසියාවේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය ඇතුළු පිරිසක් එක්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya