පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    නව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න පත් කෙරේ

    ඔක්තෝබර් 13, 2022

    ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න මහතා (2022 ඔක්තෝබර් 12) පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය නාවික හමුදා මූලස්ථානයේදී ඔහු වෙත නිල වශයෙන් ප්‍රදානය කර සිය සුභපැතුම් පිරිනැමීමට කටයුතු කෙරිණි.

    කොළඹ මහානාම විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න මහතා, 1987 වර්ෂයේදී 16 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශයට එක් වී ඇත. ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයෙන් මූලික පුහුණුව සාර්ථක ලෙස අවසන් කර 1989 වර්ෂයේ උප ලුතිනන් වරයෙකු වශයෙන් අධිකාරියට පත් වන ඔහු, සිය උප ලුතිනන් තාක්‍ෂණික පාඨමාළාව 1990 වර්ෂයේදී ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨයේදී සාර්ථකව හදාරා, ජලතරණය සම්බන්ධ විශේෂඥතාව 1999 වර්ෂයේදී පාකිස්ථානයේ ජලතරණ මෙහෙයුම් පාසල වෙතින් ලබා ඇත. එතැන් සිට ක්‍රමාණුකූලව උසස් වීම් ලබමින් 2020 වර්ෂයේ අගෝස්තු මස 07 වන දින ඔහු රියර් අද්මිරාල් නිලයට උසස් වී ඇත.

    සිය සේවා කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විවිධ නිළතල රාශියක් දරා ඇති ඔහු, වේග ප්‍රහාරක මුර යාත්‍රාවන්හි අණභාර නිලධාරී ලෙස සහ ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා හා ආයතනයන්හී අණදෙන නිලධාරී වශයෙන් රාජකාරී සිදු කොට ඇත. තවද ඔහු, අධ්‍යක්‍ෂ නාවික පරිපාලන, කොමදෝරු මුහුදු පුහුණු, නාවික පර්යේෂණ ඒකකයේ අධ්‍යක්‍ෂ, අධ්‍යක්‍ෂ නාවික පුහුණු, නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති හා ත්‍රිකුණාමලය වරාය පහසුකම් ආරක්‍ෂක නිලධාරී, අධ්‍යක්‍ෂ නාවික සුභසාධක, අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු, වයඹ නාවික විධානයේ ආඥාපති සහ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති වැනි ප්‍රමුඛ නිලතල දරා ඇති කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.

    තවද, රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න මහතා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති ලෙස එම ධූරයෙහි කටයුතු සිදුකරන අතරතුර, (2022 ඔක්තෝබර් 12 සිට) නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ධූරයෙහිද රාජකාරී කටයුතු සිදුකරනු ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya