මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    අඹේපුස්ස දුම්රිය පරිශ්‍රය ප්‍රවාහන අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට

    ඔක්තෝබර් 13, 2022

    දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ගල්කොරිය, අඹේපුස්ස දුම්රිය පරිශ්‍රය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඊයේ පෙරවරුවේ (12) නිරීක්ෂණය කළේ ය.

    .හෙක්ටයාර 17 ක භුමි ප්‍රදේශයක පිහිටි මෙම ගල්කොරිය සහිත ඉඩම ආශ්‍රිතව අනවසරයෙන් පදිංචිව සිටින පවුල් සම්බන්ධව සොයා බැලීම හා අමාත්‍යවරයා ඔවුන් සමඟ සකච්ඡා කිරීම ද මෙහි දී සිදු විය.

    එමෙන්ම, අඹේපුස්ස දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා හා දෙපාර්තමේන්තු නිළධාරීන් සමඟ අඹේපුස්ස දුම්රිය ස්ථානයේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව ද මෙහි දී අවධාරණය කළේය.

    මෙම අවස්ථාවට පාර්ලිම්න්තු මන්ත්‍රිනී කෝකිලා ගුණවර්ධන ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරිහූ පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya