පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    ‘ආපදා අවදානම අවම කිරීමේ ජාත්‍යන්තර දිනය සැමරේ

    ඔක්තෝබර් 14, 2022

    ‘ආපදා අවදානම අවම කිරීමේ ජාත්‍යන්තර දිනය’ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් (ඔක් 13) දින කොළඹ, Cinnamon Lakeside හෝටලයේදී පැවැත්විණි.

    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි

    උත්සවය ඇමතූ රාජ්‍ය අමාත්‍යවරයා අවධාරනය කළේ, අවදානම් අවම කිරීම කළ යුතු බවත් ඒ සඳහා සැලසුම් සකස් කළ යුතු බවත්ය.
     “අපි 2016 සිට 2022 දක්වා කාලය තුළ ආපදා සහන සහ නැවත පදිංචි කිරීම් සඳහා රුපියල් බිලියන 65 කට අධික මුදලක් කොළඹ ප්‍රදේශයට පමණක් වැය කර ඇති බව කී රාජ්‍ය අමාත්‍යවරයා, සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස අපි විශාල ජයග්‍රහණයක් ලබා  තිබෙන බවත්, හොඳ සූදානමකින් යුතුව අනතුරු වළක්වාගැනීමට පූර්ව අනතුරු ක්‍රියාමාර්ග දියත් කළ යුතු බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    අනෙකුත් සියලුම ආපදා අවදානම් කළමනාකරණය අතර, ආපදා වල බලපෑම අවම කිරීම සඳහා එක් ඵලදායී ක්‍රමයක් වන්නේ වගකිවයුතු නිලධාරීන් සහ මහජනතාව සඳහා පොදු ක්‍රමයක් ස්ථාපිත කිරීම මගින් පූර්ව අනතුරු ඇඟවීම වැඩි දියුණු කිරීම යනුවෙන් ඔහු පැවසූ අතර රාජ්‍ය ආපදා කළමනාකරණ විෂය යටතේ ''කිසිවෙකු අත් නොහැරීම''යන සංකල්පය තුල පරිපාලනය සහ මහජන යහපැවැත්ම සඳහා වගකිව යුතු සියලුම පළාත් පාලන ආයතන ප්‍රධාන ප්‍රවාහය කිරීම තවත් උපාය මාර්ගයක් විය යුතු බව පැවසීය. එබැවින්, පූර්ව අනතුරු ඇඟවීම සහ පූර්ව ක්‍රියාමාර්ග ආපදා අවදානම් කළමනාකරණයේ සහ සංවර්ධනයේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත් කිරීම අත්‍යවශ්‍ය බව රාජ්‍ය අමාත්‍යවරයා,  වැඩිදුරටත් පැවසීය.

      ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා  උත්සව සභාව අමතමින් සඳහන් කළේ, අද රටේ පවතින අස්ථාවර ආර්ථික හා සමාජීය තත්ත්වය තුල ස්වාභාවික විපත්වලින් සිදුවන මානව, ආර්ථික හා පාරිසරික හානි සහ පාඩු අවම කර ගැනීම අපගේ ප්‍රධාන සාමූහික අභියෝගයක් බවට කිසිදු සැකයක් නැති බවයි. කල් ඇතිව සුදුසු මැදිහත්වීමක් සිදු නොකළහොත් පූර්ව අනතුරු ඇඟවීම අකාර්යක්‍ෂම බව ද ජෙනරල් ගුණරත්න අවධාරණය කළේය.

    එසේ කිරීමට, ඵලදායී පූර්ව අනතුරු ඇඟවීම් සහ ආපදා අවදානම් අවම කිරීම සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා හවුල්කාරිත්වය අත්‍යවශ්‍ය බව ඔහු පැවසූ අතර විශේෂඥයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ සියලු මට්ටම්වල ප්‍රජා සාමාජිකයින් ඇතුළු විවිධ අංශ හවුල්කරගත යුතු බව ද පැවසීය.

    එසේම, පූර්ව අනතුරු ඇඟවීම් සඳහා වගකිව යුතු විවිධ ආයතනවල සම්බන්ධීකරණය සහ සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා ඉදිරිපත් කර ඇති ප්‍රායෝගික පියවරයන්ට සහාය වීමට ආරක්‍ෂක ලේකම්වරයා ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන් සමඟ සිය උපරිම කැපවීම සිදු කරන බවට ද ප්‍රතිඥා දුන්නේය.  

    මේජර් ජෙනරල් රණසිංහ මහතා විසින් මෙම උත්සවයේ පිළිගැනීමේ කතාව පවත්වන ලදී. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මෙම වැඩසටහන මගින් “සියල්ලන්ට පූර්ව අනතුරු ඇඟවීම සහ ඉක්මන් ක්‍රියාමාර්ග: කිසිවෙකු අත් නොහැරීම” යන තේමාවට අදාළ විවිධ පැති සම්බන්ධයෙන් දේශීය සහ ජාත්‍යන්තර ආරාධිත කථිකයන් විසින් සංවාද සහ දැනුම බෙදාගැනීම සිදු කරන ලදී.

    මෙහිදී කෙටි අන්තර්ක්‍රියාකාරී සාරාංශයක් ද කථිකයින් විසින් ලබා දෙන ලදී. ආපදා අවදානම් අවම කිරීම සඳහා වන එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ විශේෂ නියෝජිත සහ එහි ප්‍රධානී Mami Mizutori මහත්මියගේ විශේෂ පණිවුඩයක් ද සැසියේදී ඉදිරිපත් කරන ලදී.

    මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, අන්තර් රාජ්‍ය සංවිධාන නියෝජිතයන්, එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සහ අනුග්‍රාහකයින්, ජාත්‍යන්තර සංවිධාන සහ
    පාර්ශවකරුවන්, වෘත්තිකයන් සහ විද්වතුන්, ජ්‍යෙෂ්ඨ හමුදා සහ පොලිස් නිලධාරීන්, සම්භාවනීය ආරාධිතයින්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya