පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහනින් කිරි කර්මාන්තය ඔසවන්න ''විශේෂ ප්‍රතිපත්ති පත්‍රිකාවක්''

    ඔක්තෝබර් 14, 2022

    මෙරට දියර කිරි නිෂ්පාදනය දෛනිකව කිරි ලීටර ලක්ෂයකින් ඉහළ නැංවීමේ අපේක්ෂාවෙන් මෙරට ක්‍රියාත්මක කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන (SAPP) මගින් පශු සම්පත් කේෂ්ත්‍රය පිළිබදව දිවයින පුරා සිදු කළ විද්‍යාත්මක පරීක්ෂණ ඇතුළත් ප්‍රතිපත්ති වාර්තාව (13) දින රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් මහතා වෙත පිළිගැන්වීම, SAPP ව්‍යාපෘති අධ්‍යක්ෂ ආචාර්ය යසන්තා මාප‍ටුන මහත්මිය අතින් සිදු විය.

    2020 වසරේදී මෙම වාර්තාව සැකසීම සදහා වූ පළමු වැඩසටහන පැවති අතර, වසර 02 කට ආසන්න කාලයක් පේරාදෙණිය සරසවියේ කෘෂි වෛද්‍ය පීඨයේ මහාචාර්ය ප්‍රදීපා සිල්වා මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් මෙම කේෂ්ත්‍ර පරීක්ෂණ සිදු කරන ලද අතර ඊට සුළු,මධ්‍යම හා මහා පරිමාණ කිරි ව්‍යවසායකයින් 200 කට අධික පිරිසක් සෘජුව දායකත්වය සපයා ඇත.

    මෙ මගින්, ගමේ කිරි ගොවියාගේ පටන් පාරිභෝගිකයා දක්වා මෙරට කිරි නිෂ්පාදනයේ අගය දාමය තුල සිදුවන සියලු තත්ත්ව අධ්‍යනය කිරීමෙන් අනතුරුව මෙම ප්‍රතිපත්ති වාර්තාව සකස් කර ඇත.

    මෙම වාර්තාව පිලිගැන්වීමේ අවස්ථාවට එක්වූ රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් මහතා සිය අදහස් දක්වමින් පවසා සිටියේ, පළාත් සභා සහ මධ්‍යම රජය ලෙස සියලු පාර්ශව එක්ව කටයුතු කල ද පසුගිය දුෂ්කර කාලයේදී පශු සම්පත් කේෂ්ත්‍රයට යම් යම් බාධා පැමිණි බව පිළිගත යුතු බවයි.

    ලබන වසරේ අප්‍රේල් වන විට ලෝකයේ නව තත්වයන්ට ගැළපෙන ලෙස පශු සම්පත් ජාතික ප්‍රතිපත්තිය සාදා අවසන් කරන බවත් එමගින් ලාංකීය කිරි ගොවියා ශක්තිමත් කිරීමට පියවර ගන්නා බවයි.

    තව දුරටත් කතා කරමින් ඔහු පවසා සිටියේ, දෙවසරකට පෙර මම මෙම අමාත්‍යාංශය බාර ගන්නා විට ගව කුර හා මුඛ රෝග එන්නත් විදේශ වලින් ගෙන්වමිනුයි තිබුනේ.

    එහි දී මම සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් තුමියට කිව්වා එම එන්නත් සම්පූර්ණයෙන්ම අප රට තුල නිෂ්පාදනය කිරීමට පියවර ගත යුතුයි කියලා. ඒ අනුව දැන් එම එන්නත් සම්පූර්ණයෙන්ම ලංකාව තුළ නිපදවීමේ හැකියාව තියෙනවා.නමුත් මේ වසරේ ඊට අදාළ රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීමේදී පැන නැගී ඇති ගැටළු අප රජය මැදිහත් වී විසදීමට කටයුතු කරමින් සිටිනවා.සතුන්ට අවශ්‍ය සාන්ද්‍ර හා සත්ත්ව ආහාර නිෂ්පාදනයට අවශ්‍ය බඩ ඉරිගු හා තිරිගු මෙට්‍රික් ටොන් 2,25,000 ක් ආනයනය කිරීමට මෙම වසරේ ආනයනය කරුවන්ට රජය අවසර ලබා දී තිබුනත් අගෝස්තු මාසය අවසන් වනවිටත් 27% යි ඔවුන් ආනයනය කර තිබුනේ.

    කෙසේ වෙතත් දෙසැම්බර් 31 වන විට සියළු අමුද්‍රව්‍ය ආනයනය කිරීමට අවශ්‍ය පියවර මේ වනවිට ගෙන තිබෙනවා. සත්ත්ව ආහාර නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනයට විශාල පිරිවැයක් දැරීමට සිදුවන නිසා, මේ මහ පොලොව භාවිතා කර ප්‍රෝටීන වැඩි සත්තව ආහාර නිපදවීමට අවැසි දැනුම මෙම අවස්ථාවට පැමිණ සිටින විද්වත් ඔබ සැමගෙන් අප බලාපොරොත්තු වෙනවා.

    කුකුල් පැටව් බිහි කිරීමට මව් සතුන් වසරකට 85,000 ක් ආනයනය කල යුතු වුවත් මේ වනතෙක් ගෙනවිත් තිබෙන්නේ 7000 ක් ප්‍රමාණයක් පමණයි.මෙම ගැටළුවද කඩිනමින් කළමනාකරණය කිරීමට අපි ක්‍රියාත්මක වෙලා තියෙනවා.

    ග්‍රාමීය මට්ටමේ පශු වෛද්‍යවරයා මේ වැඩ පිලිවෙල මහපොළොවේ පැලකරන්න අත්‍යාවශ්‍යම කෙනා. සමහර නිළධාරීන් අවුරුදු 40,50 විතර පරන කැඩිච්ච වාහනවල ගිහින්,බයිසිකල්වල ගිහින් ඉතා කැපවීමෙන් රාජකාරී කරද්දී සමහරු පෞද්ගලික ප්‍රතිකාර ගැන පමණක් ම බලමින් තම වගකීම් අතපසු කරනවා.

    අපි අවම වශයෙන් සෑම පශු වෛද්‍ය කාර්යාලයකටකම කිරි කාරයෙක් හදමු.ඊට කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන මගින් රුපියල් මිලියන 02 ක් ලබා දීමට හැකි බව ආචාර්ය යසින්තා මාප‍ටුන මහත්මිය අපට දැනුම් දුන්නා.

    මට තනියම පශු සම්පත් සංවර්ධන කේෂ්ත්‍රය ඉදිරියට ගෙනියන්න බැහැ. ඒකට ප්‍රතිපත්ති හදන අපිත්, ඒ සම්බන්ධව වැඩ කරන හා උපදෙස් දෙන ඔබේත් සහයෝගය නිතර අවශ්‍ය වෙනවා.අපි එකට මහන්සි වෙලා වැඩ කර මෙය සංවර්ධනය කරමු.

    මෙම අවස්ථාවට කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහනේ අධ්‍යක්ෂ ආචාර්ය යසන්තා මාප‍ටුන මහත්මිය,සත්ත නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අචාර්ය කේ.ඒ.සී.එහ්.ඒ.කොතලාවල මහත්මිය,අතිරේක ලේකම්(පශු සම්පත්) වෛද්‍ය එල් ඩ්බ්.එන්.සමරනායක,මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා ඇතුළු පශු කේෂ්ත්‍රයට සම්බන්ධ විද්වතුන්,විශ්ව විද්‍යාල ආචාර්යවරුන් අතුලු පිරිසක්, බත්තරමුල්ල වෝටර්ස් එජ් හි පැවති මෙම වැඩසටහනට සහභාගී විය.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya