පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    ඔබේ දෑස්වලට ආදරය කරන්න - ලෝක දෘෂ්ඨි දිනය සැමරේ

    ඔක්තෝබර් 13, 2022

    ග්ලූකෝමාව, දියවැඩියාව වැනි රෝග මිනිසුන් අන්ධභාවයට පත් කරන අතර මෙහි ඇති ඛේදනීය තත්ත්වය වී ඇත්තේ ප්‍රතිකාර සඳහා පැමිණෙන විට නොදැනීම රෝගියා අන්ධභාවයට පත්ව සිටීමයි. ඇසේ සුද ඇතිවීම නිසා ඇතිවන අන්ධභාවය සැත්කමක් මගින් සුව කළ හැක. නමුත් දියවැඩියාව සහ ග්ලූකොමා නිසා සිදුවන අන්ධභාවය නැවත යථා තත්ත්වයට පත් කළ නොහැක.

    සෑම වසරකම ඔක්තෝබර් මස දෙවෙනි බ්‍රහස්පතින්දාට යෙදී ඇති ලෝක දෘෂ්ඨි දිනය නිමිත්තෙන් අද (13) පෙරවරුවේ ජාතික අක්ෂි රෝහල් ශ්‍රවණාගාරයේදී පැවැති මාධ්‍ය දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයේදී මෙම කරුණු අනාවරණය විය. “ඔබේ දෑස්වලට ආදරය කරන්න” යන්න මෙවර ලෝක දෘෂ්ඨි දිනයේ තේමාව වී ඇත.

    මහජනතාව දෘෂ්ඨි රෝග පිළිබඳව දැනුවත් කිරීමේ හා ඒවා වළක්වා ගැනීමට උනන්දුවක් ඇති කිරීමේ අරමුණින් මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුණි. ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 22 ක් වන අතර ඉන් ලක්ෂ 02 ක් පමණ ජනතාව අන්ධභාවයෙන් පෙළෙති. මින් 150,000 ක් ඇසේ සුද නිසා අන්ධභාවයට පත්ව ඇත.

    ශ්‍රී ලංකාවේ ඌව, නැගෙනහිර පළාත්වල මෙන්ම මධ්‍යම පළාතේ වතු ආශ්‍රිතව අන්ධභාවයෙන් පෙළෙන අය වැඩිපුර වාර්තා වෙති. සෑම කෙනෙකුටම තමාගේ නිවස ආසන්නයේ සිට දරා ගත හැකි වියදමකට සේවාවන් ලබා දීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීම වේ. ඒ අනුව සෑම මූලික රෝහලකම රෝගීන්ට අවශ්‍ය පහසුකම් ලබා දීම සඳහා අක්ෂි වෛද්‍යවරයෙක් සේවයේ යොදවා ඇත. ආර්ථික අපහසුතා නිසා දුර බැහැර පිහිටි රෝහල් කරා පැමිණීමට නොහැකි අඩු ආදායම්ලාභී සහ මැදි ආදායම්ලාභී පවුල්වලට ප්‍රතිකාර ලබා ගැනීමට මේ නිසා පහසු වී ඇත.

    මේ නිසා රෝගීන් සොයා ගොස් ඇස් පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. අඩු ආදායම්ලාභියෙක් බවට ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන්ගෙන් ලබා ගත් සහතිකය සහ කණ්ණාඩි පැළඳිය යුතු බවට වෛද්‍යවරයෙකුගෙන් ලබා ගත් වෛද්‍ය වාර්තාව පදනම් කර ගෙන මෙම කණ්ණාඩි ලබා දීම සිදු කෙරේ.

    මෙයට අමතරව නාරාහේන්පිට පාසල් වෛද්‍ය සායනයේදී කොළඔ දිස්ත්‍රික්කයේ පාසල් ළමුන් සඳහා ඇස් කණ්ණාඩි නොමිලේ ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වේ. පිට පළාත්වල පාසැල් සිසුන්ටද මෙම සායනයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට අවකාශ සලසා ඇත.

    තවද සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව අඩු ආදායම්ලාභී පවුල් වෙසෙන දුෂ්කර පාසල් තෝරා 1,4,7 සහ 10 ශ්‍රේණිවල සිසුන්ගේ ඇස් පරීක්ෂා කර අක්ෂි ආබාධ තිබේදැයි සොයා ගැනීමට හැකිය. පාසැල් ගුරුවරුන්ට සම්මන්ත්‍රණ පවත්වමින් මේ පිළිබඳව අවබෝධයක් ලබා දීමටත් සැලසුම් කර ඇත. පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට අපේක්ෂිත මෙම වැඩපිළිවෙල අනතුරුව බදුල්ල, අනුරාධපුර, ගාල්ල සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ක්‍රියාතමක කිරීමට සැලසුම් කර ඇත.

    සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ආරම්භ කර ඇති වයස අවුරුදු 40 ට වැඩි අඩු ආදායම්ලාභී පවුල්වල මහජනතාවට කණ්ණාඩි ලබා දීමේ ව්‍යාපෘතිය සංකේතවත් කරමින් කණ්ණාඩි ප්‍රදානයක් සහ තෝරා ගත් පාසල් ළමුන් පිරිසකට කණ්ණාඩි ප්‍රදානය කිරීමක්ද මෙහිදී සිදුවිය.

    මෙම අවස්ථාවට ශ්‍රී ලංකා අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඒ. ආර්.එම්.තව්ෆීක් (Thowfeek), ශ්‍රී ලංකා අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති වෛද්‍ය කේ.ඒ. සැල්වින්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (බෝනොවන රෝග) විශේෂඥ වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ, Vision 2020 වැඩසටහනේ ජාතික සම්බන්ධීකාරක අක්ෂි ශෛල්‍ය විශේෂඥ වෛද්‍ය චම්පා බානගල, ප්‍රාථමික අක්ෂි සංරක්ෂණ ව්‍යාපෘතියේ ශ්‍රී ලංකා ප්‍රාථමිත අක්ෂි සංරක්ෂණ හා ළමා අන්ධභාවය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රදීපා කේ. සිරිවර්ධන, අක්ෂි ශෛල්‍ය විශේෂඥ වෛද්‍ය දීපානි වේවැල්ල යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya