පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    රටක් ලෙස ඉදිරියට යාමට නම් සංවර්ධන කටයුතු සහ පරිසරය සුරැකීම එකටවිට සැලසුම් කළ යුතුයි

    ඔක්තෝබර් 14, 2022

    රටක් ලෙස ඉදිරියට යාමට නම් සංවර්ධන කටයුතු සහ පරිසරය සුරැකීම වෙන්වෙන්ව නොව එකටවිට සැලසුම් කර ක්‍රියාවට නැංවිය යුතු බව පරිසර අමාත්‍ය ඉංජිනේරු නසීර් අමහමඩ් මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, මධ්‍යම පරිසර අධිකාරියේ දී (13) පැවති, පරිසර සභාවේ 14 වැනි සැසියේ පස්වන රැස්වීම අමතමිනි.

    රට අද වැටී ඇති තත්වයෙන් ඉදිරියට ගෙනයාමට නම් නව කර්මාන්ත ඇති කළ යුතු බවත් පරිසරය සුරැකීමට යැයි කියමින් කර්මාන්ත ඇති කිරීම නවතා දැමිය නොහැකි බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. නව තාක්ෂණය යොදා ගනිමින් පරිසර හානි අවම වන ආකාරයට කර්මාන්ත ඇති කිරීම සඳහා දැනටමත් අවධානය යොමු කර ඇති බව ද රටක් ලෙස අප අද මුහුණ දෙන ගැටලු විසඳාගනිමින් ඉදිරියට යාමට ඒ සඳහා සියලු දෙනාගේ සහය රජය අපේක්ෂා කරන බව ද ඔහු පැවසුවේය. “හරිත ආර්ථිකය” සහ “හරිත බලශක්තිය” කෙරෙහි මුළු ලෝකයම අවධානය යොමු කර ඇති මෙවන් යුගයක අප රට ද නිශ්චිත වැඩපිළිවෙළක් ඇතිව ඒ සඳහා යොමුවීමේ වැදගත්කම මෙහීදී අමාත්‍යවරයා විසින් අවධාරණය කරන ලදී.

    දේශගුණික විපර්යාස ඇති වීම වැළැක්වීමේ ජාත්‍යාන්තර වැඩසටහන් සඳහා ක්‍රියාකාරීව සහය වන රටක් ලෙස “හරිත ආර්ථිකය” සහ “හරිත බලශක්තිය” කෙරෙහි අප රට යොමු කිරීමට ජාත්‍යන්තර වශයෙන් ලබාගත හැකි සහය පිළිබඳව මේ වන වන විටත් සොයා බලා කටයුතු කර ඇති බව පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා පැවසුවේය. ඕනෑම ව්‍යාපෘතියක් හෝ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ දී කිසිදු සොයා බැලීමකින් තොරව විරුද්ධවීමේ සංස්කෘතියක් අප රටේ පවතින බවත් අප රට සංවර්ධිත රටක් බවට පත්කිරීමටනම් මෙම තත්වය වෙනස් කළ යුතු බවත් ඒ සඳහා සියලුදෙනාගේ සහය අපේක්ෂා කරන බවත් පරිසර අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

    රජයේ මෙම සංවර්ධන වැඩසටහනේ දී අන්තර් අමාත්‍යංශ සම්බන්ධතාව ඉතා වැදගත් බවත් ඕනෑම වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට පෙර අදාළ සියලු නිලධාරීන් දැනුම්වත් කිරීමට තමා කටයුතු කරන බවත් සියලු කටයුතු විනිවිද භාවයකින් යුතුව සිදුකරන බවත් පැවසූ අමාත්‍යවරයා ගැටලුවක් තිබෙන ඕනෑම අවස්ථාවක ඒ පිළිබඳව තමාට දැනුම් දෙන ලෙස නිලධාරීන්ගෙන් සහ පරිසර සභාවේ සමාජිකයන්ගෙන් ඉල්ලා සිටියේය.

    මෙම අවස්ථාවට මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ මහතා, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පී. බී. හේමන්ත ජයසිංහ මහතා ඇතුළු ඉහළ කළමනාකරීත්වය ද පරිසර සභාවේ සභාපති නීතීඥ ආචාර්ය ජගත් ගුණවර්ධන මහතා ඇතුළු සමාජිකයන් ද සහභාගී විය.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya