පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ ''වැඩිවන අපරාධ සම්බන්ධයෙන් නීති බලාත්මක කරන ආයතනවල කාර්යභාරය'සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද(13) පැවති මාධ්‍ය හමුවේදී පොලිස් නිලධාරීන්ට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ගෙන ඇති ක්‍රියාමාර්ග නිසි පරිදි ඉටුනොවන්නේ යැයි කෙරෙන චෝදනා පිළිබඳ මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු ලබාදෙමිනි.
වැඩිදුරටත් අදහස් දක්වමින් නිහාල් තල්දූව මහතා පැවසුවේ, චෝදනා එල්ලවන පොලිස් නිලධාරීන්ට එදිරිව නිරන්තරයෙන් විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවත්, ඒ අනුව ස්ථාන මාරුකිරීම්, කෙටි කාලීන සේවා අත්හිටුවීම් වැනි ක්‍රියාමාර්ග පොලිස්පතිවරයාගේ නියෝගයෙන් ගන්නා බවත්ය.
එහෙත් මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට ඇත්තේ සීමිත බලතල ප්‍රමාණයක් බවත්, සහකාර පොලිස් අධිකාරි නිලයන්ගෙන් ඉහළ නිලධාරීන් සම්බන්ධ පොලිස්පතිවරයාට ගතහැකි ක්‍රියාමාර්ග යම් සීමාවකට යටත් වන බවත්, එය තීරණය කළ හැක්කේ පොලිස්පතිවරයාට ඉහළින් සිටින නීති බලාත්මක ආයතන හා යම් මණ්ඩලවලට පමණක් බවත්ය.
එසේ සීමාවලට යටත් වුවද, සෑම අවස්ථාවකදීම පොලිස්පතිවරයා ක්‍රියාමාර්ග ගන්නා බවත්, මීට අමතරව ඉහළ නිලධාරීන් කර ඇතැයි සැළකෙන වැරදි සම්බන්ධව අදාළ පරීක්ෂණ මණ්ඩලවලින් නිවැරදි හා විධිමත් පරීක්ෂණ සිදු කෙරෙන බවත්ය.