පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    අපරාධ සිදුවීම් වාර්තා කළ යුත්තේ යම් සීමා හා නියාමනයන්ට යටත්වයි- මහාචාර්ය ටියුඩර් වීරසිංහ

    ඔක්තෝබර් 13, 2022

    මානවයාගේ ඉතිහාසය තුළ අපරාධවලින් තොර සමාජයක් නොතිබූ බවත් ලෝකයේ විවිධ රටවල ආගමික සාමාජික සංස්කෘතික මෙන්ම විවිධ කණ්ඩායම් පුද්ගලයින් අතර අපරාධයන් සිදුවන බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ හිටපු මණ්ඩපාධිපති මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා පවසයි.

    ඒ මහතා මේ බව පැවසුවේ, අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව "අපරාධ වර්ධනයෙහි ලා බලපාන සමාජ විද්‍යාත්මක සාධක සහ ඒවා මර්දනය කිරීමෙහිලා නෛතික පද්ධතියෙහි සමාජ වගකීම කුමක් විය යුතුද " මැයෙන් සංවිධානය කළ විද්වත් කථිකාවට එක්වෙමිනි.

    අපරාධ විශ්වීය ප්‍රපංචයන් ලෙස එක් ආකාරයකට ක්‍රියාත්මක නොවන බව පෙන්වා දෙන ඒ මහතා මනුෂ්‍යයා ජීවත් වන සමාජ ක්‍රමය ( Social Formations) අපරාධ ගතිකත්වයේ ප්‍රමාණය තීරණය කරන බවත් එහිදී පැවසීය.උදාහරණයක් මගින් ඒ පිළිබඳව පැහැදිළි කළ වීරසිංහ මහතා පෙන්වා දුන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ වර්ෂයකට සුළු මට්ටමේ අපරාධවල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 15ක් බවත් ඉහළ පෙළේ නිලධාරීන් , දේශපාලනඥයන් එනම් සුදු කරපටි පැළඳි මහත්වරුන් සිදුකර තිබෙන වාර්ෂික අපරාධවල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 300ක් වන බවයි.බහුලව කතා කරනු ලබන්නේ සුළු අපරාධගැන පමණක් බව පෙන්වා දෙන ඒ මහතා මහාපරිමාණ අපරාධ අවි ආයුධ භාවිතයෙන් තොරව සීත කාමරවල තාක්ෂණය භාවිතයෙන් සිදුවන ඒවා බවත් ඒවා ප්‍රධාන වශයෙන් මූල්‍ය සම්බන්ධ අපරාධයන් බවත් පෙන්වා දෙයි.

    අපරාධ තමාගේ බලය මත රඳා පවතින දෙයක් බව පෙන්වා දෙන වීරසිංහ මහතා වැඩිදුරටත් පවසන්නේ අපරාධයන් සමාජ ධූරාවලියක් වන බ්වයි.එනම් බලය වැඩි පුද්ගලයාට පහසුවෙන් ජාතික සම්පත්වලට ප්‍රවේශවිය හැකි බවත් ධූරාවලියේ පහළ ස්ථරවලට සාපේක්ෂව අඩු බලයක් පවතින බැවින් ඔවුනට ප්‍රවේශ වීමේ සීමාව අඩු මට්ටමක පවතින බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

    අපාරාධ සමාජයෙන් මුලිනුපුටා දැමිය නොහැකිබව පෙන්වා දෙන ඒ මහතා අපාරාධ මනුෂ්‍ය පැවැත්ම සමග සම්බන්ධ වූ කාර්‍යයක් බවත් පැවසීය.
    අපාරාධ මැඩපැවැත්වීමේ ලා මාධ්‍යයේ භූමිකාව පිළිබඳ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඒ මහතා කියා සිටියේ සමාජ සංකතිකාව සංවිධානය කර සම්ප්‍රේණය කිරීම මාධ්‍ය ලෙස හඳුනාගත හැකි බවත් මාධ්‍යට අනුකූලව මිනිසුන් කටයුතු කිරීමට පෙළඹී ඇති බව හඳුනාගැනීමට හැකි බවත්‍ ය.ඒ අනුව මාධ්‍යට ජනතාවට සුවිශේෂී බලපෑමක් සිදු කිරීමට හැකි බවත් මාධ්‍ය සතු බලය නොනිල බලයක් බවත් ඒ මහතා පෙන්වා දෙයි.සමස්ත තොරතුරු ප්‍රවාහය සංවිධානය කර මාධ්‍ය ආයතනයට අවශ්‍ය පරිදි සකස් කිරීම මහජන මතය සකස් කිරීම බව පැවසූ ඒ මහතා මෙයට පාදක වන්නේ සිදුවන සිදුවීම්වල සහ සිදුවීම්වල අර්ථය මාධ්‍ය තමාට රිසි පරිදි අර්ථකථනය කරගන්නා බවයි.
    සමාජය තුළ සිදුවන අපරාධ වාර්තාකරණ ආකාරය තීරණය කරනු ලබන්නේ මාධ්‍ය බව පෙන්වා දුන් ඒ මහතා වෙනස්වන යුගයක් ජීවත්වන බැවින් සමාජයට තොරතුරු අවශ්‍ය බවත් මේ වනවිට සාම්ප්‍රදායික මාධ්‍ය උඩුයටිකුරු වෙමින් මාධ්‍ය ආකෘති වෙන වී ඇති බවත් පෙන්වා දේ.මාධ්‍යයේ වෘත්‍තිකභාවය මේ වන විට වෙනස් වී ඇති බවත් අපාරාධ තොරතුරු වාර්තා කිරිමේදී මාධ්‍යට තමන්ගේම යෝජනා , දැක්මක් සහ මතයක් තිබිය යුතු බව වීරසිංහ මහතා අවධාරණය කළේය.එසේම එයට අනුකූලව අපරාධ සිදුවීම් වාර්තා කළ යුත්තේ යම් සීමා හා නියාමනයන්ට යටත්ව බවත් එම සීමාකිරීම් ජනතාවගේ සදාචාරය රටේ නීතිය ජාත්‍යන්තර නීතියයට ගරු කරමින් සිදුකළයුතු බවත් ඒ මහතා පෙන්වා දේ.
    අපරාධ සිද්ධීන් වාර්තා කිර්‍රිම නිසා පුරවැසියාට සහ රාජ්‍යයේ ප්‍රතිරූපයට හානි නොකළ යුතු බව අවධාරණය කරන ඒ මහතා මාධ්‍ය මේ පිළිබඳ වූ සීමා දැනගත යුතු බවත් ප්‍රබල මාධ්‍ය සංස්කෘර්හියක් අවශ්‍ය බවත් දේශපාලනඥයන් සහ පුරවැසි සමාජය එක්වූ සාමූහික සමාජ සංවර්ධනයට යොදාගත යුතු බවත් වීරසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya