මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    මානව හිමිකම් සුරැකීමකින් තොරව,පුද්ගල නිදහසෙන් තොරව ආර්ථික සංවර්ධනයක් නොමැත- විදේශ කටයුතු අමාත්‍ය

    ඔක්තෝබර් 14, 2022

    මානව හිමිකම් සුරැකීමකින් තොරව මෙන්ම පුද්ගල නිදහසෙන් තොරව ආර්ථික සංවර්ධනයක් නොමැති බවත්, රජයක් ලෙස තමන් ඒ සම්බන්ධයෙන් ඉතාමත් සැළකිලිමත් වන බවත්, විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මිලින්ද රාජපක්ෂ මහතා විසින් රචිත “දරිද්‍රතාවයේ සිට සැම්සුන් දක්වා කොරියාවේ සංවර්ධන මොඩලය ගැන විමසුමක්” ග්‍රන්ථය දෙරට
    වැඩීමේ උත්සවය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පැවති අවස්ථාවේදී ආරාධිත දේශනය සිදු කරමින් ඒ මහතා මේ බව පැවසීය.

    තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේදී තමන් අවබෝධ කරගත් දෙයක් වන්නේ මෙරටට විරුද්ධව ගෙන එන යෝජනා සම්බන්ධයෙන් එකඟ වන පිරිස හා එකඟ නොවන පිරිස යන දෙකොටසම අඩු වී ඇති බවත්, බොහෝ රටවල් මැදහත් ලෙස සිටිමින් දෙන ලද පණිවිඩය වන්නේ රටේ අභ්‍යන්තර කටයුතු තමන් විසින්ම කළ යුතු බවත්ය.

    නීතිඥ අලි ශබ්රි මහතා ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය ලෙස තමන්ට කිසිදු සතුරු රටක් නොමැති බවත්, සෑම රටක්ම මිත්‍රයන් සේ සළකන බවත් පැවසීය.

    මෙරට ප්‍රධාන ආයෝජකයා චීනය වන බවත්, ජපානය දිගු කලක් තිස්සේ විශාල ව්‍යාපෘති රැසකට ආයෝජන ලබා දී ඇති බවත්, මේ වන විට දකුණු කොරියාවද ලංකාව තුළ ආයෝජන සිදුකරන බවත් අමාත්‍යවරයා පැවසීය.
    එමෙන්ම අමෙරිකාව මෙරට විශාලම වෙළඳපොලක් බවත්, රුසියාව හා මැදපෙරදිග රටවල්ද මෙරට ප්‍රධාන ගැණුම්කරුවන් බවත්, යුරෝපය ද මෙරට නිෂ්පාදන ගැණුම්කරුවකු ලෙස සුවිශේෂී තත්වයක් අත්කර සිටින බවත් විදේශ අමාත්‍යවරයා පැවසීය.

    මෙරට ආර්ථිකය සම්බන්ධයෙන්ද අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ මේ මොහොතේදී රටට අවශ්‍ය වන්නේ එක්තරා නිශ්චිත ආර්ථික සැළසුම් හා ව්‍යාපෘති ගණනක් බවත්, එය ක්‍රියාත්මක කිරීම උදෙසා වන සැලසුම් සඳහා හැකියාවක් ඇති පුද්ගල පිරිසක් බවත්ය.

    ඕනෑම අයකුට පොරොන්දු දීමට හැකියාවක් ඇතත් එය කළ හැක්කේ කෙසේද යන්න පැහැදිළි දැක්මක් ඇති පිරිසක් මේ මොහොතේදී රටට අවශ්‍ය බවද අමාත්‍යරයා පැවසීය.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya