ඉංග්‍රීසි සහ සිංහල භාෂා ද්විත්වයෙන්ම සමන්විත වන මෙම කෘතියේ සමකතෘ වන චානක වත්තේගම මහතා විසින් මෙහි දී පිළිගැනීමේ කතාව සිදු කරන ලද අතර මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සපැමිණි ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, හිටපු අමාත්‍ය නීතිඥ අජිත් පී පෙරේරා, ශ්‍රී ලංකාවේ කොරියානු තනාපති කාර්යාලයේ නිත්‍ය නියෝජිත ලිම් මියොන්, ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරතන, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී හිටපු රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් මොහාන් සමරනායක යන මහත්ම මහත්මීන් හට මෙම පොත පිළිගැන්වීම සිදු කෙරිණි.
එමෙන්ම, ජිනීවා වලින් එහා අපගේ විදේශ ප්‍රතිපත්තිය සකස් කිරීම යන මැයෙන් හරවත් කතාවක් අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් සිදු කරන ලද අතර, මෙරට ක්ෂේත්‍රවල ඩිජිටල්කරණය වීමේ දැඩි අවශ්‍යතාවය පිළිබඳව හිටපු අමාත්‍ය නීතිඥ අජිත් පී. පෙරේරා මහතා විසින් කතා කරන ලදී. එපමණක් නොව, ජපානයේ සංවර්ධිත මොඩලය හා ඉන් ලංකාවට ගත හැකි පාඩම් පිළිබඳව ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින්
ද මෙහි දී හරවත් කතාවක් පවත්වන ලදී.
මෙම ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාව සඳහා විශේෂිත ආරාධිත අමුත්තන්රැසක් සහභාගී වුහ.