පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සඳහා සුදුස්සන් හඳුනා ගැනීමේ වැඩසටහනේ අයදුම්පත් කැඳවීම දීර්ඝ කෙරේ

    ඔක්තෝබර් 14, 2022

    සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සඳහා සුදුස්සන් හඳුනා ගැනීමේ වැඩසටහනේ අයදුම්පත් කැඳවීම ඔක්තෝබර් 28 දක්වා දීර්ඝ කෙරේ

    “කිසිවෙක් අතහැරෙන්න දෙන්න එපාﹸﹸ තේමාව යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සඳහා සුදුස්සන් හඳුනා ගැනීමේ වැඩසටහනේ අයදුම්පත් කැඳවීම ඔක්තෝබර් මස 28 දක්වා දීර්ඝ කර ඇත.

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය මීට පෙර නිවේදනය කර තිබුණේ අයදුම්පත් කැඳවීම ඔක්තෝබර් මස 15 වෙනිදායින් අවසන් කරන බවයි.

    ඒ අනුව සුබසාධක ප්‍රතිලාභ අපේක්ෂා කරන නමුත් මෙතෙක් අයදුම් නොකළ අයෙක් වේ නම් මේ සඳහා අයදුම් කිරීමට තවදුරටත් අවස්ථාව හිමිවේ.

    දැනට සමෘද්ධි, වැඩිහිටි, ආබාධිත, වකුගඩු රෝගී ජීවනාධාර සහ මහජන ආධාර ලබන සියලුම ප්‍රතිලාභීන්, පොරොත්තු ලේඛනයේ සිටින අයදුම්කරුවන්, සුබසාධක ප්‍රතිලාභ බලාපොරොත්තු වන සියලු පිරිස් ද නව වැඩසටහන යටතේ ලියාපදිංචි වීම අනිවාර්ය බව, සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය අවධාරණය කරයි.

    සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ වෙබ් අඩවියෙන් (www.wbb.gov.lk) මීට අදාළ අයදුම්පත ඕනෑම අයෙකුට බාගත කරගත හැකි අතර එය සම්පූර්ණ කර, තමා අයත් බල ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බාර දිය යුතුය.
    වැඩි විස්තර 0112151481 සහ 1919 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය ඇමතීමෙන් ලබා ගත හැකිය.
    අද (14) වන විට අයදුම්පත් මිලියන 2.4ක් පමණ දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සමාජ සේවා අංශයේ ගොනු ගත වී ඇති බවත් ඉන් අයදුම්පත් 1,083,724ක් දත්ත පද්ධතියට ඇතුළත් කර ඇති බවත් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

    මෙම සමාජ සුබසාධක වැඩසටහන සඳහා පවුල් මිලියන 3.9ක් අයදුම් කරනු ඇති බවට ඇස්තමේන්තු කර ඇත.

     

    ජනාධිපති මාධ්‍ය අංශය
    2022-10-14

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya