පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    තවමත් කිසිදු ගංගාවක විශාල ගංවතුර තත්ත්වයක් නෑ

    ඔක්තෝබර් 15, 2022

    දිවයිනේ ඇතැම් ස්ථානවලට විශේෂයෙන්ම ගම්පහ , කොළඹ කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කයන්හි ඇතැම් ප්‍රදේශවලට පෙරේදා සිට මේ දක්වා සැළකිය යුතු වර්ෂාපතන තත්වයක් ඇති වූ අතර තවමත් කිසිදු ගංගාවක විශාල ගංවතුර තත්වයක් මතු ව නොමැති බවත් ඇතැම් ගංගාවල සුළු ගංවතුර තත්වයන් ඇතිවී‌මේ අවදානමක් පවතින බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ වාරිමාර්ග අධ්‍යක්ෂ එස්.පී.සී.සුගීෂ්වර මහතා පවසයි.

    විශේෂයෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල සහ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කුඩා ගඟ සහ මගුර ගඟ අවට පහත් බිම්වල සුළු ගංවතුර තත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව ඒ් මහතා පෙන්වා දේ.මෙම ප්‍රදේශවල ජීවත්වල ජනතාව මෙන්ම ඒම ප්‍රදේශ හරහා ගමන් කරන රථවාහන රියදුරන් මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසත් ඒ මහතා ඉල්ලීමක් කෙරේ.

    ඒසේම ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගලු ද්‍රෝණියේ පහළ ප්‍රදේශවල විශේෂයෙන්ම ගඟ අවට පහත්බිම් ප්‍රදේශවල මහජනතාව සහ ඒ හරහා ගමන් කරන ජනතාව අවධානයෙන් පසුවීම වැදගත් වන බවත් අත්තනගලු ශය සැළකියයුතු ජල මට්ටමකට පැමිණ ඇති බැවින් සුළු ගංවතුර මට්ටමක් ඇති විය හැකි බවත් ඒ මහතා පවසයි.

    ගම්පහ කොළඹ කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කයන්ට සැළකිය යුතු මට්ටමක වර්ෂාව ලැබී ඇත් බැවින් ජලය බැස යන මාර්ග අවහිර වීම නිසා ඇතැම් ස්ථානවල නාගරික ගංවතඅර තත්වයක් ඇති වී ති බවද ඒ මහතා පෙන්වා දෙයි.

    ඒසේම ඉදිරි කාලය තුළ ලැබිය හැකි වර්ෂාව අධික වුවහොත් විශේෂයෙන්ම ඉහළ ධාරා ප්‍රදේශවලට වැඩි වර්ෂාපතනයක් ඇති වුවහොත් ඇතැම් ගංඟා ද්‍රෝණීවල ගංවතුර තත්වයක් ඇති විය හැකි බවත් සුගීෂ්වර මහතා දැනුම් දේ.මේ දක්වා ලැබී ඇති වර්ෂාපතනය මත සැළකියයුතු මට්ටමේ ගංවතුර තත්වයක් ඇතිවීමේ හැකියාවක් නොමැති බවත් ඉදිරි කාලය තුළ වර්ෂා තත්වය අධීක වුවහොත් අත්තනගලු ඔය කැලනි ගඟ සහ කළු ගඟ ගිං ගඟ යම් ගංවතුර තත්වයකට ළඟා වීමේ හැකියාවක් පවතින බවත් සුගීෂ්වර මහතා පෙන්වා දේ.මේ සම්බන්ධව වාරිමාර්ග දෙපාතමේන්තුව දැඩි අවධානයකින් පසුවන බවත් යම් අවධානාත්මක තත්වයන් සම්බන්ධයෙන් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කරන බැවින් ඒම නිවේදන සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසත් ඒ මහතා ඉල්ලීමක් කෙරේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya