ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, ඉංගිරිය, පාලින්දනුවර සහ බුලත්සිංහල නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන සහ ඇහැලියගොඩ යන ප්‍රදේශ සඳහා මෙලෙස ඉවත්වීමේ රති නිවේදනය නිකුත් කර ඇත.
තවද අනතුරු ඇඟවීමේ මට්ටම 2 - අවදානයෙන් සිටින්න (ඇම්බර්) යන පණිවිඩයද දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත් කර තිබේ.
කළුතර දිස්ත්‍රික්කයේ දොඩංගොඩ, හොරණ, බණ්ඩාරගම, මිල්ලනිය, මතුගම සහ අගලවත්ත කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල, වරකාපොළ සහදෙහිඕවිට රත්නපුර දිස්ත්‍රික්කයේ
කුරුවිට, අයගම, නිවිතිගල, ඇලපාත, රත්නපුර, කිරිඇල්ල සහ පැල්මඩුල්ල යන ප්‍රදේශ සඳහා දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
එසේම තවත් දිස්ත්‍රික්ක කිහිපයකට විමසිලිමත්වීමේ නිවේවන නිකුත් කර ඇති බව එම සංවිධානය වැඩිදුරටත් පවසයි.එසේ පළමු මට්ට්මේ අනතුරු ඇඟවීම්නිකුත් කර ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක සහ පාදුක්ක ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම කළුතර දිස්ත්‍රික්කයේ කළුතර, බේරුවල, පානදුර සහමදුරාවල කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, දැරණියගල, මාවනැල්ල සහ බුලත්කොහුපිටිය යන ප්‍රදේශවලට වේ.