පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    නායයාම් පූර්ව අනතුරු ඇගවිම් නිවේදන තවදුරටත් ක්‍රියාත්මකයි

    ඔක්තෝබර් 17, 2022

     

    පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා ඊයේ (16) පස්වරු 4.00 සිට අද (17) පස්වරු 4.00 දක්වා බලපැවත්වෙන පරිදි තෙවන අදියරේ (රතු) (ඉවත්වීමේ) නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්‍යේෂණ සංවිධානය පවසයි.

    ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, ඉංගිරිය, පාලින්දනුවර සහ බුලත්සිංහල නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන සහ ඇහැලියගොඩ යන ප්‍රදේශ සඳහා මෙලෙස ඉවත්වීමේ රතු නිවේදනය නිකුත් කර ඇත.

    තවද අනතුරු ඇඟවීමේ මට්ටම 2 - අවදානයෙන් සිටින්න (ඇම්බර්) යන පණිවිඩයද දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත් කර තිබේ.

    කළුතර දිස්ත්‍රික්කයේ දොඩංගොඩ, හොරණ, බණ්ඩාරගම, මිල්ලනිය, මතුගම සහ අගලවත්ත කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල, වරකාපොළ සහදෙහිඕවිට රත්නපුර දිස්ත්‍රික්කයේ

    කුරුවිට, අයගම, නිවිතිගල, ඇලපාත, රත්නපුර, කිරිඇල්ල සහ පැල්මඩුල්ල යන ප්‍රදේශ සඳහා දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

    එසේම තවත් දිස්ත්‍රික්ක කිහිපයකට විමසිලිමත්වීමේ නිවේවන නිකුත් කර ඇති බව එම සංවිධානය වැඩිදුරටත් පවසයි.එසේ පළමු මට්ට්මේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක සහ පාදුක්ක ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම කළුතර දිස්ත්‍රික්කයේ කළුතර, බේරුවල, පානදුර සහමදුරාවල කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, දැරණියගල, මාවනැල්ල සහ බුලත්කොහුපිටිය යන ප්‍රදේශවලටය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya