අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ඊයේ (16)එම අමාත්‍යංශයේ ආපදාවන්ට ලක්වූ පුද්ගලයන්ට සහන සැළසීම සඳහා පැවති විශේෂ සාකච්ඡාවේදීය.
මුදල් අමාත්‍යංශය ආපදාවට ලක් වූ පුද්ගලයන්ට සහන සැළසීම සඳහා විශාල මුදලක් වෙන් කර ඇති බවත් ඒ සඳහා අනුමැතිය ලැබී ඇති බවත් පෙන්වා දෙන අමාත්‍යවරයා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය , ආපදා සහන මධ්‍යස්ථානය ඇතුලු ප්‍රාදේශීය ලේකම්වරු දිස්ත්‍රික් ලේකම්වරු සහ ග්‍රාම නිලධාරීන් මගින් සහන සැළසීමට පියවර ගෙන ඇති බවද වැඩිදුරටත් පැවසීය.
මෙම සාකච්ඡාව සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය , ස්වදේශ කටයුතු අමාත්‍යංශය , මුදල් අමාත්‍යංශය ,සියලු දිස්ත්‍රික් ලේකම්වරු ඇතුලු රාජ්‍ය නිලධාරීන් රැසක් එක් විය.
වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 11කට අයත් පවුල් 15404ක පුද්ගලයන් 61467ක් ආපදාවට ලක්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.මේ වනවිට පුද්ගල මරණ 3ක් වාර්තා වී ඇති අතර නිවාස 5කට පූර්ණ හානි සිදුව ඇති අතර නිවාස 193ක අර්ධ හානි සිදුවී තිබේ. වැඩිම ආපදාවන්ට ලක් ව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කය වන අතර පවුල් 11157කට අයත් පුද්ලයන් 46797ක් ආපදාවට පත් වී තිබේ.