පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    උතුරේ තල් කර්මාන්තයේ යෙදෙන ජනතාව නගා සිටුවීමට වැඩසටහන් රැසක් - වැවිලි කර්මාන්ත හා කර්මාන්ත ඇමති

    ඔක්තෝබර් 17, 2022

    තල් සංවර්ධන මණ්ඩලය විසින් යාපනයේ තල් පර්යේෂණ ආයතන පරිශ්‍රයේ ඉදිකරනු ලැබූ නව ගොඩනැගිල්ල විවෘත කිරීම ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තෙ මහතාගේ සහභාගිත්වයෙන් වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණි.

    එහිදී අදහස් දක්වමින් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සදහන් කලේ උතුරු පළාතේ සාම්ප්‍රදායික කර්මාන්තයක් ලෙසින් පැවත එන තල් කර්මාන්තය වානිජ මට්ටමෙන් ඉහළට ඔසවා තැබීමට තල් සංවර්ධන මණ්ඩලයත් , තල් පර්යේෂණ ආයතනයත් එක්ව වැඩසටහන් රැසක්ම ක්‍රියාත්මක කරන බවයි. එමෙන්ම තල් ආශ්‍රිත විවිධ නිෂ්පාදනයන් රැසක් මෙන්ම තල් ආශ්‍රිත මධ්‍යසාර නිෂ්පාදන කර්මාන්තයටත් යොමුවීමට අවශ්‍ය අධ්‍යනයන් කඩිනමින් සිදුකරමින් සිටින බවත් පැවසීය. එයට අමතරව තල් කර්මාන්තය ප්‍රවර්ධනයෙන් අත්වන ආර්ථික ප්‍රතිලාභයන් එම කර්මාන්තයේ නියැලෙන 12000 කට අධික ජනතාවගේ දුවා දරුවන් වෙනුවෙන් තල් සංවර්ධන මණ්ඩලය හරහා අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩපිළිවෙළක් ආරම්භ කිරීමේ අවශ්‍යතාවයද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කලේය. අවසාන වශයෙන් වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍යවරයා මෙසේද සදහන් කළේය.

    " අපි එක රටක ජීවත්වන සහෝදර ජනතාවක්. අපට උතුර දකුණ කියල වෙනසක් නැහැ. එනිසා අපි ආණ්ඩුව විදියට උතුරේ ජනතාවගේ ජීවන අභිවෘද්ධිය වෙනුවෙන් කලයුතු සියල්ල කිරීමට බැදී සිටිනවා. ඒ වෙනුවෙන් අපි සියළු කටයුතු සිදු කරනවා "
    මෙම අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ නිළධාරින් , යාපනය දිස්ත්‍රික් ලේකම් ඇතුළු නිළධාරින් ,තල් සංවර්ධන මණ්ඩලයේ , තල් පර්යේෂණ ආයතනයේ සභාපතිවරුන් ඇතුළු නිළධාරින් , උතුරු පළාත් දේශපාලන අධිකාරිය ඇතුළු සම්භාවනීයන් රැසක් එක්ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya