ඒ මහතා මේ බව සඳහන් කළේ, නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය සඳහා කෝප් කමිටුව පසුගියදා (07) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
විශේෂයෙන් ආයතන කැඳවීම, අනු කමිටු පත් කිරීම සහ පසුවිපරම් කිරීම යන කරුණු සඳහා විගණකාධිපතිගේ දායකත්වය ලබා ගැනීමටත් එකතු කළ හැකි ආයතන එකතු කිරීමටත් සුළුතර කොටස් ප්‍රමාණයක් ආයතන 17ක් ලැයිස්තුවෙන් ඉවත් කිරීමටත් රාජ්‍ය ව්‍යවසාය දෙපාර්ගමේන්තුවේ දායකත්වය ලබා ගැනිමටත් මෙහිදී තීරණය විය.
විශේෂයෙන් මහාභාණ්ඩාගාරයේ නියෝජිතයන් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස කටයුතු කරන ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වලට සහභාගී වීමේදී ඔවුන්ගේ දායකත්වය සහ සහභාගි වන රැස්වීම් වලදී සාකච්ඡාවට ලක්කරන ප්‍රධාන කරුණු පිළිබඳව කෙටි සටහනක් මගින් අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුවත් කිරිම සිදු කිරීමේ වගකිම රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුව වෙත පැවරීමද මෙහිදී සිදුවිය.
කෝප් කමිටුව හමුවට කැඳවන ආයතන තීන්දු කිරීමේදි විගණකාධිපතිතුමාගේ නිර්දේශයන්වලට යටත්ව අදාළ ආයතන වර්තමානයේදී මුහුණදී තිබෙන අවධානම් තත්ත්වයන්, වහා විසඳා ගත යුතු ගැටලු, පසු විපරමක අවශ්‍යතාව සහ එවැනි කැඳවීමක් කිරීමට අවශ්‍ය යැයි හැඟී යන විටක කැඳවීමටද මෙහිදී තිරණය විය.
ඒ අනුව ආයතන 05 ක් ඉදිරියේදී කෝප් කමිටුව හමුවට කැඳවීමට කමිටු සාමාජිකත්වය එකඟ වී තිබේ. ලංකා ධීවර සංස්ථාව, විදේශ රැකියා නියුක්ති කාර්යාංශය, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය, ශ්‍රි ජයවර්ධනපුර මහ රෝහල යන ආයතන එසේ ඉදිරියේදී කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතය.
එමෙන්ම, සියලු රාජ්‍ය ව්‍යවසාය කැඳවීම ප්‍රධාන කමිටුවටම සිදු කිරීම අපහසු නිසා අනු කමිටු කිහිපයක් පත් කිරීමටද මෙහිදී තීරණය විය. විගණකාධිපතිතුමා සකස් කොට ඇති ආයතන කැඳවීම් ලැයිස්තුව සහ ආයතන කැඳවීම් අවලංගු කිරීමේ ලැයිස්තුව සලකා බලා එම අනුකමිටු වලට කැඳවන ආයතන පිළිබඳ ඊළඟ කමිටු වාරයේදී තිරණය කිරීමටද මෙහිදී තිරණය විය.
සෑම රාජ්‍ය ව්‍යවසායක ආයතනයකම අභ්‍යන්තර විගණනය ශක්තිමත් කිරිම සඳහා විගණකාධිපතිවරයා විසින් සැලැස්මක් සකසන අතර එය විගණන කටයුතු සඳහාද ඉදිරියේදී යොදා ගැනීමට නියමිතය.
කෝප් කමිටුවේ බලතල පුළුල් කිරීම සඳහා ස්ථාවර නියෝග සංශෝධනය කිරීමටද කමිටුවේදී යෝජනා විය. ඒ සඳහා වන ඉල්ලිම කථානායකතුමා වෙත යැවීම සඳහා දැනටමත් කටයුතු සම්පාදනය තිබේ.
එමෙන්ම රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සරල කිරිම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට විගණකාධිපතිවරයා වෙත පැවරීමද මෙහිදි සිදුවිය. එමෙන්ම පසුගිය දිනවල සාකච්ඡාවට ලක් කෙරුනු ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් සියළු පාර්ශව කැඳවා කරුණු විමසීමටද කමිටු සාමාජිකත්වය විසින් තීරණය කරන ලදී.
කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයා විසින් පසුගිය කාලය තුළ මාධ්‍ය වෙත ඉදිරිපත් කරන ලද කරුණු කමිටුව හමුවට පැමිණ කරුණු ඉදිරිපත් කරන ලෙස ලිඛිතව දැනුම් දීමටද කමිටුව විසින් තීරණය කොට තිබේ.
ඒසේම ප්‍රසම්පාදන මගපෙන්වීම් අත්පොතේ ඇතුළත් කරුණු පිළිබඳවද කමිටුවේ අවධානය යොමු වූ අතර, එස් පවර් ඇඹිලිපිටිය ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡා කිරීමටද කමිටුව විසින් තීරණය කරන ලදී.
මෙම රැස්වීමට රාජ්‍ය අමාත්‍යවරුන් වන ජගත් පුෂ්පකුමාර, ලොහාන් රත්වත්තේ, ඉන්දික අනුරුද්ධ, ශාන්ත බණ්ඩාර, ඩී.වී. චානක, ජානක වක්කුඹුර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර කුමාර දිසානායක,
මහින්දානන්ද අලුත්ගමගේ, පාඨලී චම්පික රණවක, එරාන් වික්‍රමරත්න, නිමල් ලාන්සා, , සංජීව එදිරිමාන්න, මධුර විතානගේ, ප්‍රේම්නාත් සී. දොලවත්ත, ජගත් කුමාර සුමිත්‍රාආරච්චි, සහ උපුල් මහෙන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරු සහභාගී වූහ.