පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    අධ්‍යාපන ඇමති සහ රුසියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්

    ඔක්තෝබර් 17, 2022

    රුසියාවේ නිල සංචාරයක නිරත ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා එම සංචාරය අතරතුර රුසියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඇලෙක්සැන්ඩර් නොවැක් (Alexander Novak) මහතා මුණගැසිණි.

     එහි දී අමාත්‍යවරයා රුසියාව ශ්‍රී ලංකාවට දීර්ඝ කාලීන වශයෙන් ලබාදෙන සහයෝගය සිහිපත් කරමින් ස්තූතිය පුද කර සිටියේ ය. මෙම හමුවේ දී ශ්‍රී ලංකාවට ඉන්ධන ලබා ගැනීම පිළිබඳ ව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් විය.

    තව ද උසස් අධ්‍යාපනය සඳහා රුසියාවට ගොස් සිටින සිසුන්ගේ සුබසාධන කටයුතු පිළිබඳ ව ද මෙම හමුවේ දී සාකච්ඡා කෙරිණි. කොවිඩ් සමයේ දී රුසියාව විසින් ශ්‍රී ලංකාවට දැක්වූ සහයෝගය සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා මෙහි දී කෘතවේදීත්වය පළ කළේ ය.

    නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා මෙහි දී සිහිපත් කළේ, රුසියා ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස සුසිල් ප්‍රේමජයන්ත මහතා සිදු කරන මෙහෙය ප්‍රශංසනීය බවයි. මෙම හමුව සඳහා වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා, රුසියාවේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය ඇතුළු පිරිසක් එක් ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya