මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    ඉදිරි මාස 02 අතුළත සත්ත්ව ආහාර ලංකාවට - වැසුණු සත්ත්ව ගොවිපොළවල් නැවත අරඹා බිත්තර,මස් නිෂ්පාදනය වැඩි කරනවා

    ඔක්තෝබර් 17, 2022

    ඉදිරි මාස 02 ඇතුළත ඉතා ඉක්මණින් සත්ත්ව ආහාර ලංකාවට ආනයනය කරන බවද, වැසුණු සත්ත්ව ගොවිපොළවල් නැවත අරඹමින් බිත්තර සහ මස් නිෂ්පාදනය වැඩි කරන බවද පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් මහතා පැවසුවේය.

    ඔහු මේ බව කියා සිටියේ, අද (17) රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමිනි.

    විදේශ විනිමය ප්‍රශ්නයත් සමග සත්ත්ව ආහාර ආනයනය කිරීමේ ගැටලුවක් පසුගිය වකවානුවෙහි පැවති බවද එසේ තීබියදී තීරුබදු රහිතව සත්ත්ව ආහාර ආනයනයට අවසර ලබාදුන් බවද ඒ අනූව සත්ත්ව ආහාර අවශ්‍යතාවය වන මෙට්‍රික් ටොන් ලක්ෂ 04 සදහා මෙට්‍රික් ටොන් ලක්ෂ 03ක් භාණ්ඩාගාරයෙන් අනුමත වී ඇතැයිද ඉන් 27%ක ප්‍රමාණයක් මේ වන විට ආනයනය කර ඇතැයිද අමාත්‍යවරයා කියා සිටියේය.

    සත්ත්ව ආහාර ආනයනයෙන් පසු සත්ත්ව ආහාර වෙනුවෙන් පෙනී සිටින ගොවි මහතුන් හට එම පහසුකම් ලබාදිය හැකි බවද, පසුගිය කාලයේ වැසුණු කුකුල් ගොවිපොළවල් සම්බන්ධයෙන් සංඝණනයක් සිදුකර එම නිෂ්පාදකයින් සදහා පැටවු ලබාදීමට සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇතැයිද අමාත්‍යවරයා අවධාරණය කළේය.

    කිරි නිෂ්පාදනය සදහා ලංකාවට මවු සතුන් 85,000ක් අවශ්‍ය වුවද මේ වන විට සිටින්නේ සතුන් 77,000ක් පමණක් යැයිද, ඉදිරියේදී මවු සතුන් ආනයනය කර පැටවුන් ලබාදීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කරන බව පැවසුවේය.

    බිත්තර මිල ඉහළ නොදමන බවද, පාරිභෝගික අධිකාරියත් සමග සාකච්ඡා කර බිත්තරයක් නිෂ්පාදනය සදහා යන සත්‍ය වියදම විමර්ශනය කර ඒ ඇසුරින් වෙළෙන්දාට ලාභයක් ලැබෙන පරිදි මෙන්ම පාරිභෝගිකයා අපහසුතාවයට පත්නොවන අයුරින් මිල නියම කර ඇතැයි කියා සිටියේය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya