ඔහු මේ බව පැවසුවේ අද (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
2022 වර්ෂයට අදාල විසර්ජන පනත සංශෝධනය කිරීම සදහා අයවැය කතාවේදී ජනාධිපතිතුමා ආර්ථිකය ශක්තිමත්ව ගොඩනැගීම සදහා රාජ්‍ය සේවය කළමනාකරණය කිරීමටත් රජය සතු සම්පත් ඵලදායී ලෙස කළමනාකරණය කිරීමටත් නව නීතියක් හදුන්වාදෙන බව පාර්ලිමේන්තුවට දැනුම්දුන් බවද පැවසුවේය.
මේ සදහා දැනට භාණ්ඩාගාරයේ පවතින කොන්ට්‍රෝල් ජනරාල් කාර්යාලයේ රාජකාරී කටයුතු පුළුල් කොට ඊට නෛතික භාවයක් ලබාදීමටත්, ජාතික වත්කම් ලේඛන පිළියෙල කිරීමටත් සහ රාජ්‍ය වත්කම් සම්බන්ධ මධ්‍යගත දත්ත පද්ධතියක් හදුන්වාදීමටත් හැකිවන පරිදි යෝග්‍ය විදි විධාන ඇතුලත් කරමින් රාජ්‍ය වත්කම් කළමනාකරණය සදහා නව පනතක් හදුන්වාදීම සදහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙසට නීතිපති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
ලංකා ආණ්ඩුවට බදු ආදායම සහ බදු නොවන ආදායම වශයෙන් ආදායම් ලැබෙන ප්‍රධාන මාර්ග 02ක් ඇතැයිද, බදුආදායම ජනතාවගෙන් ලබාගන්නා බවද, බදු ලබාගන්නා සෑම වෙලාවකම ලෝකයේ සෑම රටකම ජනතාවට වක්‍ර බදු පැනවූ විට වැඩි රිදීමක් ඇති වන බවද පැවසුවේය.
බදු නොවන ආදායම ලංකාවේ ඉතා කුඩා ප්‍රතිශතයක් බවද එයට ලාභ, ලාභාංශ, කුලී,බදුකුලී ආදිය ඇතුලත් වන බවද පැවසූ අමාත්‍යවරයා බදු නොවන ආදායම ලංකා ආණ්ඩුවේ ආදායමෙන් 15%ක් පමණ වන බවද බදු නොවන ආදායම් ලබාගැනීමට වත්කම් බදුදීම බොහෝ කාලයක සිට සිදුකරන බවද වැඩිදුරටත් සදහන් කළේය.