පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදය නියමිත දිනවල - සභානායක

    ඔක්තෝබර් 18, 2022

    22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නියමිත පරිදි යොදාගත් දින එනම් (20) සහ (21) දෙදින තුළ විවාදයට ගන්නා බව සභානායක, අධ්‍යාපන ඇමැති, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද(18) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    22වැනි  ව්‍යවස්ථා සංශෝධනය නියමිත දිනට විවාදයට ගන්නේ දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් සභානායකවරයා මේ බව සඳහන් කළේය.

    ද්විත්ව පුරවැසිභාවය නැවත ගෙන ඒම හා පාර්ලිමේන්තු විසුරුවා හැරීම වසර හතර හමාර කිරීම යන කොන්දේසී දෙක පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම විසින් දමා ඇද්දැයි ද විපක්ෂ නායකවරයා මෙහිදී සභානායකවරයාගෙන් අසා සිටියේය.
    න්‍යාය පත්‍රයේ සඳහන් පරිදි යොදාගත් ආකාරයට සියලු විවාද පවත්වන බවත් මැතිවරණ කල් දැමීමක් සම්බන්ධයෙන් කිසිඳු සාකච්ඡාවක් සිදුව නොමැති බවත් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya