පාසල් උපකරණ මිල අධික ලෙස ඉහළ යාම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ,
ලබන වසර ආරම්භයේදීම පාසල් පෙළ පොත් සහ පාසල් නිල ඇඳුම් ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඉන්දියානු ණය ආධාර යටතේ පාසල් පෙළ පොත් මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය කඩදාසි ආදිය ලබා ගන්නවා. පාසල් උපකරණ හිගයකින් තොරව ලබා ගැනීම සඳහා ඒම උපකරණ සපයන ප්‍රධාන සමාගම් සමග සාකච්ඡා කර තිබෙනවා. මහ බැංකුව සමග සාකච්ඡා කර පාසල් උපකරණ ආනයනය කිරීම සඳහා අදාළ ණයවර ලිපි නිකුත් කිරීමට කටයුතු කර තිබේනවා.
පාසල් නිල ඇඳුම් ලබා දීම සම්බන්ධයෙන්ද අදහස් දැක් වූ අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ , පළමු වාරය ආරම්භයේදී පාසල් නිල ඇඳුම් ලබා දීමට කටයුතු කරන බව කීය. ලබන වසරේ පාසල් නිල ඇඳුම් සඳහා 70% ක් චීන ආධාර ලැබෙන බවත්. ඉතිරි 30% සඳහා දේශීය නිල ඇඳුම් සඳහා ටෙන්ඩර් කැඳවා ඇතැයිද කීය.
පාසල් ළමුන් සඳහා නොමිලයේ ලබා දෙන දිවා ආහාරය සම්බන්ධයෙන් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ දැනට ලබා දෙන ප්‍රමාණය දෙගුණයකින් වැඩි කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී ඇති බවයි.ඒ් අනුව කැබිනට් පත්‍රිකාවක් මගින් ඒය 51% දක්වා වැඩි කිරීමට කටයුතු කර තිබේ.
මෙරට පාසල් ළමුන් ලක්ෂ 41ක් සිටින අතර , ඒ් අතුරින් ළමුන් ලක්ෂ 11 පමණ සඳහා නොමිලයේ පාසල් දිවා ආහාරය ලබා දෙයි. ඒ අනුව ඉදිරියේදී ඒය 21% දක්වා වැඩි කෙරේ. මේ සඳහා විවිධ දෙස් විදෙස් ආයතන සහාය ලබා දෙන බවද අමාත්‍යවරයා කීය.
පාසල් දරුවන් සඳහා පෝෂණය, ශිෂ්‍ය උපදෙස් (කවුන්සිලින්) සහ වෘත්තීය උපදෙස් (කැරිය ගයිඩන්ස්) ලබා දීමේ වැඩසටහන්ක් ක්‍රියාත්මක බවත්, වතු පාසල් ආශ්‍රිතව පෝෂණය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර ඇතැයිද අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.