පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    සමූපකාර පනත සංශෝධනය කිරීමට ඉදිරියේ දී කටයුතු කරනවා - වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය

    ඔක්තෝබර් 18, 2022

    සතොස සහ සමූපකාර අංශය තවත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය හඳුනාගෙන ඇති බවත් ඒ් සඳහා නව ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කර ඇතැයි වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අද(18) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    සමූපකාර ව්‍යාපාරය අද වැටී ඇති තත්වයට ආකාර්යක්ෂම කළමණාකරණය හේතු වී ඇති බවත් සමූපකාර පනත වස ර ගණනාවකින් සංශෝධනය කර නොමැති බවත් ඉදිරියේදී ඒම පනත වෙනස්කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා කීය. සමූපකාර ව්‍යාපාරයේ නාමය වෙනස් කරමින් විවිධ වාංචා සහගත ක්‍රියාවලට සම්බන්ධ කර ඇති බවත් පක්ෂ විපක්ෂ සියළු දෙනා ඒක්ව මෙම තත්වය වෙනස් කිරීමට කටයුතු කළ යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ මහතා , වයඹ සමූපකාර සමිති නිලවරණ සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ , සමූපකාර සමිති වල නිලවරණ පැවැත්වීම පළාත් සභා විෂය ක්ෂේත්‍රයක් බවත් පළාත් සභා මගින් මෙම කටයුතු අධීක්ෂණ කටයුතු සිදු කරන බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya