දැනට අකාර්යක්ෂම පවතින විදුලි බල මණ්ඩලයේ උත්පාදන වියදම ඉතා අධික බවත් , ජනතාවට එම මිල දරාගත නොහැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
අවම උත්පාදන වියදමකින් , වඩාත් කාර්යක්ෂම සහ රටට සහ නවීණ ලෝකයට ගැළපෙන ආකාරයට මෙම නව ප්‍රතිව්‍යහගත කිරීම සකස් කර ඇති බවද අමාත්‍යවරයා කීය. ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීණයන් සහ දැනුම තිබෙන පුද්ගලයන් එක්ව මෙම විදුලිබල ප්‍රතිව්‍යහගත කිරීමේ වැඩපිළිවෙළ සකස් කළ බවත් 2002 වර්ෂයේ,වර්තමාන විපක්ෂය ගෙනා විදුල් බල පනත පාදක කර ගනිමින් මෙම පනත යෝජනා කර ඇතයිද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය