වලංගු හැඳුනුම්පතක් නොමැතිව විභාගයට දරුවන් පෙනී සිටීම නිසා ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වන බවට රාවයක් තිබෙන්නේ යැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
එවැනි ගැටලුවක් තිබෙන බවට විභාග දෙපාර්තමේන්තුවෙන් අමාත්‍යාංශයට දන්වා නොමැති බවත් මේ වන විට ප්‍රතිඵල සකසමින් පවතින බවත් ඇමැතිවරයා කියා සිටියේය.
ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය;
ඒ දරුවන්ට කිසිසේත්ම කලබල වෙන්න දෙයක් නැහැ. විභාගය පැවැත්වූවේ ඉතාම අර්බුදකාරී අවස්ථාවක. ඉන්ධන හිඟය , ගුරුවරුන්ට ඒමට ඉන්ධන නොමැතිකම. නිසි ලෙස විභාග මධ්‍යස්ථානවලට ගුරුවරුන්ට යොදවාගත නොහැකිවීම.ඒ වගේම හැඳුනුම්පත් නිකුත් කිරීමේ ප්‍රමාදය නිසා විදුහල්පතිවරයා විසින් ඒ පාසලේ අයදුම්කරුවාගේ ඡායාරූපය සහතික කරලා තිබෙනව නම් ප්‍රශ්නයක් නැහැ. මේ වෙලාවේ හැදුනුම්පත් ගන්න බැහැ. ප්‍රතිඵල නියමිත කාලයේ දී නිකුත් කරාවි.
ඒ වගේම දැනට තිබෙන අධ්‍යාපන පනත් එක්ක ජාත්‍යන්තර පාසල් නියාමනය කිරීමට ප්‍රතිපාදන නැහැ. නමුත් ජාතික අධ්‍යාපන කොමිසම් සභාව විසින් නුදුරේදීම ජාත්‍යන්තර පාසල් යම් නියාමනයක් කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරනවා.