පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කෙරෙන ''ජාතික ජනසභා ලේකම් කාර්යාලයක්'' පිහිටුවීමට කැබිනට් අනුමැතිය

    ඔක්තෝබර් 18, 2022

    ජාතික ජනසභා ලේකම් කාර්යාලයක් පිහිටුවීමට ආණ්ඩුව තීරණය කර ඇතැයිද, ඒ සදහා ඊයේ ජනාධිපතිතුමා  ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය හිමිවූ බවද කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    ඔහු මේ බව පැවසුවේ අද (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    හිටපු කතා නායක කරූ ජයසූරිය මහතා සහ ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා ඇතුළු නියෝජිත කණ්ඩායමක් ජනසභා පිහිටුවීම පිළිබද කරුණු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවද, විශේෂයෙන් එහිදී ජාති, ආගම්, කුල, වර්ණ, ලිංග සහ දේශපාලන භේදයන්ගෙන් තොරව ගමේ ජනතාවගේ ගැටලු ගම් මට්ටමෙන් විසදා ගැනීම සදහා සෑම ග්‍රාමසේවා වසමකම ජනතා සහභාගීත්ව සහිත ජනසභා පිහිටුවීමට යෝජනා කෙරුණු බවද වැඩිදුරටත් පැවසුවේය.

    එහිදී ගම වශයෙන් සමගියෙන් රැස්වී ගමේ පවත්නා අඩුපාඩු, දුර්වලතා සහ ප්‍රශ්න නිසි ලෙස හදුනාගනිමින් ගැටලු සදහා විසදුම් ලබාගැනීමට මෙන්ම රාජ්‍ය නිලධාරීන්ට බිම් මට්ටමෙන් නිවැරදි තොරතුරු සහිතව කරුණු ඉදිරිපත් කිරීමට හැකිවන ආකාරයේ සැලසුම් සකසාගත හැකි නිර්දේශපාලනීකරණය වූ ජනසභා ක්‍රමයක් ඇති කිරීමට එම යෝජනාව ඉදිරිපත් වුණු බවද අවධාරණය කළේය. 

    jana1

    jana2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya