රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද (18) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ හමුවේදී රජ්‍ය සේවයට වැටුප් ගෙවීම සහ ආර්ථික ගැටලුවලට විසඳුම් සෙවීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා මේ බව පැවසීය.
ඒ අනුව ආර්ථික පුනර්ජීවනය සහ වර්ධනය පිළිබඳ අමාත්‍යමණ්ඩල අනුකමිටුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹුනු බවත්, එමගින් රට මේ වන විට වැටී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම සඳහා මෙන්ම ඍණ වෙමින් පවතින ආර්ථිකය නැවත වතාවක් වර්ධනීය තත්වයක් පත්කිරීම සඳහා කඩිනම් තීන්දු තීරණ ගැනීමට සහාය වීමට මෙම කමිටුව ස්ථාපනය කළ බවත්, එම කමිටුවට වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා අමාත්‍යවරයා, ජනමාධ්‍ය හා ප්‍රවාහන මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා, වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ අමාත්‍යවරයා හා විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි ශබ්රි අමාත්‍යවරයා යන අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් මෙම කමිටුව ක්‍රියාත්මක වන බවත්, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
එමෙන්ම මෙම අනුකමිටුවට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා, මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා, ජනාධිපති ලේකම්වරයා, අග්‍රාමාත්‍ය ලේකම්වරයා වැනි නිලධාරීන්ගෙන් සමන්විතව 12කුගෙන් යුත් කමිටුවක් ලෙස මෙම කමිටුව ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා පැවසීය.
මේ මොහොතේ ඇතිවී තිබෙන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ ගැටලුව නිසා මෙම වසර තුළ දැරිය යුතු වියදම දැරීමට ප්‍රමාණවත් මුදලක් වත්මන් ආණ්ඩුව සතුව නොමැති බවත්, දිගින් දිගටම ආර්ථීකය හැකිලීම නිසා රජයට අයකරගත හැකි ආදායම අඩුවෙමින් තිබෙන බවත්, ආදායම අඩුවුනත් සමහර වියදම් කපාහැරීමට නොහැකි බවත් අමාත්‍යවරයා පැවසීය.
එවන් තත්වයක් යටතේ පුනරාවර්ථන වියදම් දැරීමට හැකියාවක් නොමැතිවීම නිසා ගෙවිය යුතු බොහෝ ගෙවීම් ගෙවා නොමැති බවත්, මහා මාර්ග ඉදිකිරීම් කළ කොන්ත්‍රාත්කරුවන්ට පවා මුදල් ගෙවා නොමැති බවත්, එයට විසඳුමක් ලෙස රුපියල් මිලියන සියයට වඩා වැඩි කොන්ත්‍රාත් සිදුකළ කොන්ත්‍රාත්කරුවන් වෙනුවෙන් රජයේ සහතික කළ දිගු කාලීන බැඳුම්කරයක් නිකුත් කිරීමට කටයුතු කරන බවත්, මිලියන සියයට වඩා අඩු අය සඳහා ගෙවිය යුතු මුදලින් කොටසක් ගෙවීමට කටයුතු කරන බවත්, අමාත්‍යවරයා පැවසීය.
දිගින් දිගටම ඇතිවන ගෙවුම් ශේෂ පරතරය හේතුවෙන් මෙරටට ගතහැකි ණය ප්‍රමාණය රුපියල් බිලයන 3844ක් පමණක් බවත්, එමනිසා ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා ලෙස තවත් බිලියන 666ක් ණය සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බවත්, එයට අනුමැතිය හිමිවූ බවත්, බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා පමණක් රුපියල් 120.6ක් ගිය මසදී ලබාදුන් බවත්, ජනතාවගෙන් බදු අයකර නැවත ජනතාවට නැවත ජනතාවට ගෙවීමට සිදුවන බවත්, බදු අයකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කරන කිසිවකුට ආර්ථික විද්‍යාව හා රටක් කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් දැනුමක් නොමැති බවත්, අමාත්‍යවරයා පැවසීය.
මෙරට ආර්ථිකය වර්ධනය කිරීමට නම් වියදම හැකි තරම් අඩුකරමින් ආදායම වැඩි කිරීමට කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.