ඛණිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ , අද දවස වන විට ඛනිජතෙල් සැපයීම සඳහා මෙරට වෙළෙඳපොළ සිටින්නේ සැපයුම්කරුවන් දෙදෙනෙකු පමණක් බවයි. ඛනිජ තෙල් පනත සංශෝධනය කිරීම මගින් තවත් සැපයුම්කරුවන් කිහිපදෙනෙකුට ඉන්ධන සැපයීමට අවස්ථාව ලබා දීම මගින් හිගයකින් තොරව මෙරට ජනතාවට ඉන්ධන ලබා දීම මෙහි ප්‍රධාන අරමුණක් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ගුවන් යානා ඉන්ධන ගෙන්වීමේ ඒ්කාධිකාරය ලිහිල් කිරීමට ද මෙම පනත මගින් කටයුතු කර තිබේ. ''කර්මාන්ත වලට අවශ්‍ය ඉන්ධන සීමා කිරීමෙන් මෙරට ආර්ථිකය අපට පණ ගන්වන්න බැහැ. සංචාරකයන් මෙරටට ඒද්දී ඒම යානා වලට අවශය ඉන්ධන සැපයියි යුතුයි. අද වනවිට ලෝකයේ සියළුම රටවල් සිය වෙළඳ පොළ ඉන්ධන සැපයුම්කරුවන් සඳහා විවෘත කර තිබෙනවා. '' ගුවන් යානා සමාගම් සඳහා අවශ්‍ය ගුවන් යානා ඉන්ධන ගෙන්වීමේදී ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු නළ පද්ධතිය මෙන්ම ගබඩා පහසුකම්ද ලබා ගත හැකි බවද අමාත්‍යවරයා කීය. මේ සඳහා ගාස්තුවක් අයකරනබවද අමාත්‍යවරය කීය
අපට තිබෙන තෙල් ටැංකි ජාතික සම්පතක් ලෙස අපි කතා කරනවා. දශක ගණනාවක් ගිහින් වුවත් මෙම තෙල් ටැංකි වල උපරිම ප්‍රයෝජනය ගැනීමට අපට නොහැකි වී තිබෙනවා . ඉදිරියේදී ත්‍රිකුණාමලය කේන්ද්‍ර කරගනිමින් නව පිරිපහදුවක් පිහිටුවීම සඳහා තීන්දු තීරණ ගනිමින් සිටින බවද ත්‍රිකුණාමලයේ පිහිටි සංවර්ධනය කළ හැකි තෙල් ටැංකි සංවර්ධනය කිරීමට කටයුතු කරන බවද කීය.
අද මෙම උද්ඝෝෂණයන්හි නියුතු පිරිස් ඛනිජ තෙල් සංස්ථාවේ සේවය කරන පිරිසක් නොවෙයි. ඒහි සේවය කරන පුද්ගලයින් පවා ඒම පිරිස් නොමග යවමින් සිටිනවා. විවිධ නිලධාරින් සහ සේවකයින් පාවිච්චි කරමින් මෙම ඉන්ධන සැපයීම අකර්මර්ණය කිරීමට ඔවුන් උත්සාහ කරනවා. මෙරට ඉන්ධන ගෙන්වීමේදී ඉන්ධන පෝලිම් වල සිට මැරුණු අය පවා වාර්තා වුණා. මෙය තමා අපට තිබුණු අභියෝගය. ණය ශ්‍රේණිගත කිරීම් වලින් අපව පහළට වැටීම නිසා මෙම තත්වය සිද වුණා.
මූල්‍යමය අලාභය පමණක් නොව විශාල වශයෙන් සේවකයන් බඳවා ගැනීම වැනි හේතුද මෙම ආයතන සඳහා බල පෑ බව අමාත්‍යවරයා සඳහන් කළේය. නව සැපයුම්කරුවන්ට වෙළඳ පළ විවෘත නොකළහොත් ඉන්ධන සැපයීම විශාල අභියෝගයට ලක් වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
අද ඇතැම් වෘත්තීය සමිති සේවකයින් රට නොමග යවමින් කටයුතු කරන බවත්, මෙම වෘත්තිය සමිති නායකයින් තෙල් සංස්ථාවේ සේවය නොකරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. එවැනි පිරිස් මෙම ඉන්ධන සැපයීමේ කටයුතු අකර්මන්‍ය කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.
මෙම විරුද්ධවීම් තුළින් මොකක්ද ලැබෙන ප්‍රතිලාභය? තෙල් සංස්ථාවේ සේවකයින් ඉවත් කිරීමේ කිසිදු සැළසුමක් නොමැති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය. ඒහෙත් ඉදිරි බඳවා ගැනීම් නව ක්‍රමවේදයක් අනුව සිදු කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මා බලශක්ති අමාත්‍යවරයා වශයෙන් අමාත්‍යංශය භාර ගන්නා අවස්ථාවේ තෙල් සංස්ථව විවිධ ආයතන වලට ඩොලර් බිලියන 747ක් ගෙවිය යුතුව තිබුණා. ඒම නිසා ඒම සැපයුම්කරුවන් දීර්ගකාලීනව ඉන්ධන සැපයීමට ඒකග වුනේ නැහැ. පසුගිය ජනවාරි 01 සිට අගෝ 15 දක්වා බොරතෙල් ආනායනනයට පමණ්ක් ටෙන්ඩර් 24ක් ඉදිරිපත් කර තිබෙනවා. කිසිම සැපයුම්කරුවකු ඉදිරිපත් වී නැහැ. ඒ වගේම තමයි ගුවන් යානා ඉන්ධන ඇතුළු ඉන්ධන සඳහා ටෙන්ඩර් 67ක් ඉදිරිපත් කර තිබෙනවා. කිසිම සැපයුම්කරුවෙක් ඉදිරිපත් වී නැහැ. මෙවැනි අභියෝග මැද්දේ තමයි ඉන්ධන ආනයනය කළේ. තෙල් සංස්ථාව ජනවාරි මාසයේ ලැබූ අලාභය රුපි මිලියන 2900/ පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 12600 මාර්තු මාසයේ රුපියල් මිලියන 348969 / අප්‍රේල් මාසයේ රුපියල් මිලියන 238912 මැයි රුපියල් මිලියන 35063 . නමුත් ජුලි මාසයේ රුපියල් මිලියන 6314 ක් සහ අගෝස්තු මාසයේ රුපියල් මිලියන 1765ක් ලාබ ලබන බවද කීය. නමුත් මෙම ලාබ සංස්ථාවේ අලාභය පියවීමට ප්‍රමාණවත් නොවන බවද කීය.
ලංකා ඛනිජ තෙල් සංස්ථාවත් දීර්ග කාලීන්ව මෙහි ක්‍රියාත්මක විය යුතුයි. මෙම සංස්ථාව කාර්යක්ෂම කරමින් ප්‍රතිසංස්කරණය කළ යුතුයි. නීතිනතිවරයාගෙන් උපදෙස් ගෙන මෙම සියළු සංශෝධන සිදු කළ බවද , මේ සඳහා සහාය ලබා දෙන්නැයිද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.