පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    නව ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වාදෙමින් මේ රට සංවර්ධිත රටක් බවට පත් කිරීම සියලු දෙනාගේ වගකීමයි

    ඔක්තෝබර් 18, 2022

    වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිවැරදි කරමින් සහ නව ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වාදෙමින් මේ රට සංවර්ධිත රටක් බවට පත් කිරීම සියල්ලු දෙනාගේ වගකීම බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා අද(18) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    ඛණිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    හෙට දවසේ නැවතත් පෝලිම් ඇති‌ නොවන යුගයකට අප යා යුතු බවත් මෙම බලශක්ති පනත් සංශෝධන මඟින් ඉන්ධන සඳහා මෙරට වෙළඳපොළ විවෘත වනවා සේම නිසි වේලාවට සහ නිසි කලට ජනතාවට ඉන්ධන ලබා ගතහැකි වනු ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය.

    ''කොවිඩ් වසංගතයත් සමග ලෝකයේ ලොකුම ආර්ථික අර්බුදයක් නිර්මාණය වුණා . ඉන්ධන ගේන්න තිබූ මුදල් තමයි ජනතාවට වැක්සින් සඳහා වැය කළේ. ඉන්පසු මහජනතාව තෙල් පෝලිම් වල දවස් ගණන් හිඳිමින් විශාල පීඩාවකට පත් වුණා. මහජන නියෝජිතයෝ වශයෙන් මහජනතාව පීඩාවට පත්වනු දැකීමට අපේ කිසිදු කැමැත්තක් නැහැ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් සහ මගපෙන්වීමට යටතේ පෝලිම් අවම කරන්න අද කටයුතු කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයාට ස්තුතිය පුදකරනවා. රටේ සිස්ටම් ඒක වෙනස් කරන්න ඔීන කියලා අරගලයට ඒක් වූ තරණයන් කිව්වා. ඒම වෙනස තමයි අපි මේ කරන්නේ. දැන් විපක්ෂය කියනවා ඡන්දෙ තියන්න. මේ වෙලාවේ ඡන්දයක් තියන්න ඔින වෙලාවක් නොවෙයි. ජනතාව පීඩනයෙන් මුදවනවා මිස මැතිවරණයට සුදුසු කාලය නොවේ. මැතිවරණයකට යාමට ඕනෑම දේශපාලන පක්ෂයක් සූදානම්.''
    ''

     

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya