රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද(18) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ හමුවේදී රජ්‍ය සේවයේ අනිවාර්ය විශ්‍රම ගැන්වීම මෙරට සෞඛ්‍ය සේවයට ඇතිකරන අහිතකර බලපෑම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා මේ බව පැවසීය.
ඒ අනුව මේ වන විට වයස අවුරුදු 63 සම්පූර්ණ කළ වෛද්‍යවරුන් මේ වසරේ දෙසැම්බර් 31 වනදායින් විශ්‍රාම ගැන්වීම, මේ වන විට වයස අවුරුදු 62 සම්පූර්ණ කර සිටින වෛද්‍යවරුන් තම වයස අවුරුදු 63 සම්පූර්ණ වීමේදී විශ්‍රාම ගැන්වීම, මේ වන විට වයස අවුරුදු 61 සම්පූර්ණ වී සිටින වෛද්‍යවරුන් තම වයස අවුරුදු 62 සම්පූර්ණ වීමත් සමඟම විශ්‍රාම ගැන්වීම, මේ වසරේදී වසර 60 සම්පූර්ණ වී ඇති වෛද්‍යවරුන් තම වයස අවුරුදු 61 සම්පූර්ණ වීමත් සමඟ විශ්‍රාම ගැන්වීම හා මේ වන විට වයස අවුරුදු 59ක් වන තම වයස අවුරුදු 60 සම්පූර්ණ වන විට අනෙකුත් රාජ්‍ය නිලධාරීන් මෙන් අවුරුදු 60 දී විශ්‍රාම ගැන්වීම යන නිර්දේශ අමාත්‍ය අනුකමිටුව මගින් ලබා දී ඇතැයිද අමාත්‍යවරයා පැවසීය.
මෙම අනුකමිටුවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා, අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා, වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා හා මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා යන මහත්වරු නියෝජනය වී තිබේ.