27/2 යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
පසුගිය 11 වන දින ප්‍රකාශයට පත්කර ඇති දේශීය ආදායම් සංශෝධිත පනත් කෙටුම්පත අනුව අපනයනයෙන් උපයන ආදායම මත සියයට30ක ආදායම් බද්දක් මේ වසරේ ඔක්තෝබර් මස 1 වන දා සිට අය කිරීමට නියමිත බව රාජ්‍ය ඇමැතිවරයා කීවේය.
මේ අතර, 2022 මාර්තු මස සිට ඇමරිකන් ඩොලර් 3,000ක් දක්වා වටිනාකමක් සහිත මැණික් පාර්සල් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අපනයනය කිරීමට පහසුකම් සපයා ඇති බව ද රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.
ඒ සඳහා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට යෑමට අවශ්‍ය නොවන බව පැවසු ඒ මහතා, අදාළ අධිකාරියේ අනුමැතිය මාර්ගගත ක්‍රමය ඔස්සේ ලබාගෙන තැපැල් මඟින් අපනයනය කළ හැකි බව සඳහන් කළේය.
මේ අතර මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මඟින් අය කරන සේවා ගාස්තුව සියයට 0.5 සිට 0.25 දක්වා සියයට 50කින් පහත හෙළා ඇති බව ද රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.
එමෙන්ම හඳුනාගන්නා ලද ප්‍රමුඛතා මත අපනයනයකරුවන්ට ඇමරික් ඩොලර් මිලියන 5ක් දක්වා මැණික් පාර්සල් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් මාර්ගගත ක්‍රමය ඔස්සේ අනුමැතිය ලබාගෙන අපනයනය කළ හැකි බව රාජ්‍ය ඇමැතිවරයා කීවේය.
2023 වසරේ ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර මැණික් ප්‍රදර්ශනයක් ද පැවැත්වීමට නියමිත අතර ජාත්‍යන්තර මැණික් වෙන්දේසියක් ද ආරම්භ කිරීමට නියමිත බව රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
එහි ආරම්භක වෙනදේසිය විදේශිකයන් සඳහා ඔක්තෝබර් මස 20 වනදින පැවැත් වෙන බව ඒ මහතා කියා සිටියේය.
"2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ ප්‍රතිපාදන අනුව මැණික් අපනයනයෙන් ලබන ආදායම ආදායම් බද්දෙන් නිදහස් කර තිබුණි. දැනට රටේ පවතින දුෂ්කර ආර්ථික තත්ත්වය හේතුවෙන් ඉහත සඳහන් දේශීය ආදායම සංශෝධිත පනත් කෙටුම්පතේ විදිවිධාන අනුව පාර්ලිමේන්තු අනුමැතියට යටත්ව අපනයනයෙන් උපයන ආදායම මත 30%ක ආදායම් බද්දක් සියලුම කේෂ්ත්‍ර සඳහා අය කිරීමට නියමිතය."