පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන් මහතා විසින් යොමුකළ චාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
අවස්ථා තුනකදීම ඉන්ධන මිල අඩු කළ බව පෙන්වා දුන් අමාත්‍යවරයා, එම සහනය ද ජනතාවට ලබා දෙන්නැයි ත්‍රී රෝද රථ හිමියන්ගෙන්ද ඉල්ලා සිටියේය. වැඩිදුරටත් අදහස් දැක් වූ බලශක්ති අමාත්‍යවරයා පැවසුවේ , ඉන්ධන කළමනාකරණ වැඩපිළිවෙළ යටතේ ජනතාවට අවශ්‍ය ඉන්ධන සියයට සියයක් සැපයිය නොහැකි බවයි. ඉදිරි මාස කිහිපයේදී ද කෝටා ක්‍රමය යටතේ ඉන්ධන ලබාදීමට සිදු වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එහෙත් කුලී රථ ලෙස තිබෙන ත්‍රී රෝද රථ සඳහා වැඩි ඉන්ධන ප්‍රමාණයක් ලබා දීමේ වැඩපිළිවෙල මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතියි. මෙරට ලියාපදිංචි ත්‍රී රෝද රථ ලක්ෂ 11ක් තිබෙන බවත් ඒ් අතුරින් කුලී රථ ලෙස ඇත්තේ ත්‍රී රෝද රථ ලක්ෂ 3 1/2ක් පමණ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙම ත්‍රී රෝද රථ හඳුනාගැනීමේ වැඩපිළිවෙළ පළාත් සභා මට්ටමින් සිදු වන බවත් මෙම සතිය අවසන් වන විට ඒම කටයුතු අවසන් කළ හැකිවනු ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙම ත්‍රී රොද රථ QR පද්ධතියට ඇතුළත් කිරීමෙන් පසු ලබා දෙන ඉන්ධන කෝටාව වැඩිකළ හැකි යැයිද අමාත්‍යවරයා කීය. පෞද්ගලික බස් රථද මේ වන විට විට එම පද්ධතියට ඇතුළ් කර ඇතැයි පැවසීය
.