පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    දේශීයව ඖෂධ නිෂ්පාදනයට රජයේ ප්‍රමුඛතාවය විදෙස් ආයෝජකයන්ට අවස්ථාව

    ඔක්තෝබර් 19, 2022

    දේශීයව ඖෂධ නිෂ්පාදනය කිරීම කෙරෙහි මේ වනවිට රජය ප්‍රමුඛ අවධානයක් යොමු කර ඇති හෙයින් ඒ සඳහා ඖෂධ කර්මාන්ත ශාලා ශ්‍රී ලංකාව තුළ ආරම්භ කිරීමට විදෙස් ආයෝජකයින්ට අවස්ථාව ලැබී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

    කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉහළ තාක්ෂණික දැනුමක් සහිත කොරියානු වැනි රාජ්‍යයන්හි ආයෝජකයින් ඇතුළු විදෙස් ආයෝජකයන්ට මේ සඳහා අවස්ථාව සැලසී ඇතැයිද අමාත්‍යවරයා කීය.

    ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති වූන්ජින් ජියෝං (Woonjin Jeong) මහතා (18) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා හමුවූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව කීය.

    ඉදිරියේදී දේශීයව ඖෂධ නිෂ්පාදනය සඳහා මේ වන විට ඉලක්කගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන බවත් ඒ අනුව ඉදිරි වසර කිහිපය තුළ එම වැඩපිළිවෙලට ප්‍රමුඛතාවය ලබා දෙමින් දේශීය නිෂ්පාදනය ප්‍රතිශතයක් ලෙස ඉහළ නංවන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා කීය. එමගින් එක් එක් වකවානුවන්හි රට තුළ ඇතිවන ඖෂධ හිඟයන් සඳහා සාර්ථක විසඳුම් ලබාදීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා කොරියානු තානාපති වරයා හමුවේ පැවසීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා;

    කොවිඩ් සමයේ පටන්ම කොයිකා (koica) ව්‍යාපෘතිය හා කොරියානු රජයේ ඒකාබද්ධතාවයෙන් ශ්‍රී ලංකාවට ඖෂධ උපකරණ රැසක් පරිත්‍යාග කළ බවත් ඒ සඳහා ස්තූතිවන්ත වන බවත් කීය. දෙරට අතර ශක්තිමත් සම්බන්ධතාවක් පවත්වා ගැනීමට එවැනි වැඩපිළිවෙල ඉවහල් වන බව ද අමාත්‍යවරයා පැවසීය.

    ගැටලුකාරී ආර්ථික අර්බුදය හමුවේ වුවද සෞඛ්‍ය ක්ෂේත්‍රය කෙරෙහි රජය විශාල වශයෙන් කැප වන බවත් ඒ අතරින් පෝෂණ තත්ත්වය ඉහළ නැංවමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවත් එහිදී රජය ඒ සඳහා ප්‍රමුඛ අවධානය යොමු කර ඇති බවත් හෙතෙම පැවසීය. පෝෂණ තත්ත්වය නගා සිටුවීමේ කාර්ය සාධක බලකායක් මේ වන විටත් ආරම්භ කර ඇති බවත් යුනිසෙෆ් ආයතනය හරහා විශාල වශයෙන් සහයෝගය ලැබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කීය. එමෙන්ම ත්‍රිපෝෂ වැඩසටහන නැවත ආරම්භ කිරීම පිළිබඳවද අමාත්‍යවරයා අදහස් දැක්වීය.

    මෙහිදී අදහස් දැක්වූ කොරියානු තානාපති Woonjin Jeong මහතා;

    කොවිඩ් වසංගත සමයේ දෙරටම නව අත්දැකීම් වලට මුහුණ දුන් බවත් අභියෝග හමුවේ කොවිඩ් වසංගතය ජය ගත් බවත් ශ්‍රී ලංකාව ඒ සඳහා කටයුතු කළ ආකාරය ප්‍රශංසනීය බවත් පැවසීය.

    කොරියානු රජය විසින් දැනටමත් නව රැකියා අවස්ථා නිර්මාණය කර හඳුන්වාදී ඇති බවත් ශ්‍රී ලංකාව සඳහා වැඩිවශයෙන් රැකියා වෙළඳපළ අවස්ථා ලබා දී ඇති බවත් මෙහිදී පැවසූ තානාපතිවරයා ඒ අනුව කොරියානු රැකියා කෝටාව ඉහළ නංවා ඇති බවත් කීය.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාද එක්ව සිටියේය.

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya