පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    ජාතික ලුණු නිෂ්පාදන ධාරිතාවය වැඩි කරගැනීමට අලිමංකඩ ලුණු ලේවාය සාධනීයව ප්‍රවර්ධනය කරනවා - කර්මාන්ත ඇමති

    ඔක්තෝබර් 19, 2022

    කර්මාන්ත අමාත්‍යංශයේ ජාතික ලුණු සමාගම යටතේ පවතින අලිමංකඩ ලුණු ලේවායේ අද්‍යතන ප්‍රගතිය පිළිබඳව විමසා බැලීමට වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පසුගියදා එහි නිරීක්ෂණ චාරිකාවකට එක්විය.

    2016 වර්ෂයේ ප්‍රතිස්ථාපනය කොට ඇති අලිමංකඩ ලුණු සමාගමේ 2021 වර්ෂයේ ලුණු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 5211 ක් වෙයි. එමෙන්ම නව අගය එකතු කිරීමේ ව්‍යාපෘති යටතේ පාරිභෝගිකයන්ගේ මේස ලුණු අවශ්‍යතාව සපුරාලීම වෙනුවෙන් අලිමංකඩ දකුණු ලුණු ලේවායෙහි පැයට මෙට්‍රික් ටොන් 5 ධාරිතාවයකින් යුතු මේස ලුණු යන්ත්‍රාගාරයක් ස්ථාපිත කිරීමටද නියමිත වෙයි.

    එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කළේ, අලිමංකඩ ලුණු ලේවායේ කටයුතු ප්‍රවර්ධනය කිරීම හරහා එහි ආර්ථික ප්‍රතිලාභ උතුරු පළාත් ජනතාවටත් සමස්ත රටේ ආර්ථිකයටත් අත්කර දෙන බවයි. එමෙන්ම ලුණු ලේවාය අත්කර ගන්නා මූල්‍ය ප්‍රගතිය මතින් එහි සේවකයන්ගේ ආර්ථිකය ද සාධනීයව ප්‍රවර්ධනය කරන බව වැඩිදුරටත් සදහන් කළේය.

    මෙම අවස්ථාවට අමාත්‍යංශ නිළධාරින්ද  එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya