ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ,දෙවැනි පර්යන්තයේ වැඩකටයුතු ජපානයේ ජයිකා ආයතනේ ආධාර ඇතිව සිදුකරගෙන ගිය බවයි.එහෙත් වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රි ලංකාව ණය ගෙවීමට නොහැකි බව දැන් වු පසු ජයිකා ආයතනය දෙවැනි පර්යන්තයේ ව්‍යාප්තිය ඇතුළු තවත් ව්‍යප්ති 12ක් නතර කළ බවයි. ණය ප්‍රතිව්‍යහගත කිරීම අවසන් වූ පසු මෙම ව්‍යාපෘති නැවත ආරම්භ කරන බවට ජයිකා ආයතනය දැන් වූ බවද අමාත්‍යවරයා කීය.
ඒ අනුව දැනට අඩක් නිම වී ඇති දෙවැනි පර්යන්තයේ වැඩ කටයුතු අඛණඩව සිදුකරගෙන යාම සඳහා ගුවන් සේවා හා ගුවන් කටයුතු සමාගමේන් , රුපියල් බිලියන 2.5ක මුදලක් ඉල්ලා කැබිනට් මණ්ඩලයට යොමු කළ බවද අමාත්‍යවරයා කීය.
තවද යාපනය ගුවන් තොටුපළ සම්බන්ධයෙන්ද අදහස් දැක් වූ අමාත්‍යවරයා , යාපනය ගුවන් තොටුපළ අන්තර්ජාතික ගුවන් තොටුපළක් මට්ටමකට ගෙනා බවත් එහි කටයුතු සඳහා ඉන්දියානු ගුවන් සමාගමකට ආරාධනා කර ඇතැයිද සඳහන් කළේය. . මෙම ගුවන් පථය වැඩි දියුණු කිරීම සඳහා ඉන්දියානු ණය ආධාර ලැබුණු බවත් මේ හරහා ඉන්දීය සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමට බලාපොරොතත්තු වන බවද කීය
රත්නමලාන ගුවන් තොටුපළ පෞද්ගලික ජෙට් යානා සඳහා වෙන් වූ ගුවන් තොටුපළ ලෙස වෙන් කිරීමටත් කටයුතු කරන බවද කීය.