නොතාරිස් (සංශෝධන), ඇටෝර්නි බලපත්‍ර (සංශෝධන), ලේඛන ලියාපදිංචි කිරීමේ (සංශෝධන), අන්තිම කැමති පත්‍ර (සංශෝධන), වංචා වැළැක්වීමේ (සංශෝධන) යන පනත් කෙටුම්පත් පිළිබඳ විවාදය අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසින් ආරම්භ කළේ ය.
පනත් පහම වසර 100කට වඩා පැරණි බවත්, මෙම පනත් අදට ගැළපෙන ලෙස සංශෝධනය කර නොමැති බවත් අමාත්‍යවරයා අදාළ පනත් කෙටුම්පත් සම්බන්ධව විවාදය ආරම්භ කරමින් පැවසීය.