ඉන්දියාවේ සිට ගවරා නමැති ගව විශේෂයක් මෙරට වනාන්තරවලට මුදා හැරීමට කටයුතු යොදා ඇතැයි ඇතැම් මාධ්‍යවල මෙන්ම සමාජ මාධ්‍ය මඟින් ද විවිධ අදහස් මේ වනවිට පළ වෙමින් තිබේ.
මේ සම්බන්ධව අද (19) දින පෙරවරුවේ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය වනජීවී දෙපාර්තමේන්තුව සහ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවෙනුත් කරුණු විමසීමක් කරනු ලැබුවාය.
ලේකම්තුමිය විසින් කළ විමසීම අනුව ගවරුන් ශ්‍රී ලංකාවට ගෙන්වීම සම්බන්ධව වනජීවී දෙපාර්තමේන්තුවෙන් හෝ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවෙන් හෝ මෙතෙක් කිසිදු පුද්ගලයෙකු හෝ සංවිධානයක් විසින් කිසිදු විමසීමක් සිදු කර නැත. එමෙන්ම එම දෙපාර්තමේන්තු දෙකම මේ සම්බන්ධව කිසිදු තොරතුරක් මේ වනතෙක් නොදන්නා බව ද එම දෙපාර්තමේන්තු දෙකේම අධ්‍යක්ෂ ජනරාල්වරු අවධාරණය කළහ.
එම නිසා ගවරුන් ශ්‍රී ලංකාවට ගෙන්වීම සම්බන්ධව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කිසිදු මැදිහත්වීමක් හෝ අනුදැනුමක් නොමැති බව අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය අවධාරණය කර සිටී.
මාධ්‍ය ඒකකය
කෘෂිකර්ම,වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය